දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හතර දෙනෙකු ඉදිරි දින දෙක ඇතුළතදී මහින්ද රාජපක්ෂ මහතාට සහය පලකිරීම සදහා එක්වීමට ඇති ඉඩකඩ වැඩි ...
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හතර දෙනෙකු ඉදිරි දින දෙක ඇතුළතදී මහින්ද රාජපක්ෂ මහතාට සහය පලකිරීම සදහා එක්වීමට ඇති ඉඩකඩ වැඩි බව දෙමළ ජාතික සන්ධානයෙන් වෙන්ව ස්වාධීන වූ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් මහතා පැවසීය.
තමන් මුලින්ම කවරෙකුටවත් සහය නොදක්වා සිටීමට සූදානමින් සිටියත් පළාතේ ජනතාවගේ ඉල්ලීමත් පළාත් සංවර්ධනය කිරීමට අවස්ථාවක් ලැබීමත් නිසා තමන් 2 දා හෝ 3 දා මහින්ද රාජපක්ෂ මහතාට සහය පලකිරීමට එක්වන බව පැවසීය.
මේ එක්වීම නිසා තමන්ට අමාත්‍ය පදවියක් ලැබීමට ඉඩ ඇති බව කී මන්ත්‍රීවරයා තමන්ගේ මන්ත්‍රී පදවියෙන් වන්නියේ ජනතාවට කළ සේවයට වඩා විශාල සේවාවක් කළ හැකි නිසා තමන් මෙම තීරණය ගත් බවද කියා සිටියේය.
තමන්ට අමතරව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන් වන පී.සරවන බවන්,ටී.සිද්ධාර්ථන් යන මන්ත්‍රීවරුද,කිළිනොච්චියේ එස්.ශ්‍රීධරන් මන්ත්‍රීවරයාද,මුලතිව් චාර්ල්ස් නිර්මලනාදන් මන්ත්‍රීවරයාද ඉදිරි දින දෙක ඇතුළත මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වීමට එකතු වීමට නියමිත බවද ශිවශක්ති ආනන්දන් මන්ත්‍රීවරයා පැවසීය.
(දිනසේන රතුගමගේ)
COMMENTS