හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාට නැවත සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබා නොදෙන ලෙස ඉල්ලමින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු පිරිසක් අද (0...
හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාට නැවත සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබා නොදෙන ලෙස ඉල්ලමින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු පිරිසක් අද (02) දහවල් කරාපිටිය රෝහල ඉදිරිපිටදි නිහඩ විරෝධතාවයක නිරතවුහ.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය ශාඛාව විසින් මෙකි විරෝධතාවය සංවිධනය කොට තිබුණි. හිටපු සෞඛ්‍ය ඇමතිවරයාට විරෝධය පල කරමින් පොස්ටර් ප්‍රදර්ශනය කරමින් වෛද්‍යවරු විරෝධතාවයේ නිරතවුහ.
රාජිතගෙන් සෞඛ්‍ය බේරාගමු, ජනාධිපතිතුමනි රාජිතගේ වියරු තක්කඩිකම් නිම කරණු, ජනපතිතුමනි ඔබවට වැදගත් රාජිත සෞඛ්‍යයද? ආදි සටන් පාඨ ලියු පොස්ටර් ප්‍රදර්ශනය කරමින් වෛද්‍යවරු විරෝධතාවයේ නිරතවුහ.
(ලලිත් චාමින්ද)
COMMENTS