දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
‘මට ජනතාව වරමක් දී තිබෙනවා’ – එස්.බි. ඇමතිකමක් නැතිවීම ගැන කියයි
Homeප්‍රවෘත්ති

‘මට ජනතාව වරමක් දී තිබෙනවා’ – එස්.බි. ඇමතිකමක් නැතිවීම ගැන කියයි

PropellerAds

මේ රටේ මත්ද්‍රව්‍යය ජාවාරම කවුරු මෙහෙයවුවද අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතුව මත්ද්‍රව්‍යය ජාවාරම සම්පුර්ණයෙන්ම නැති ...

නීතිය හා සාමය ඇමතිගේ ආසනයේ ආගමික අන්තවාදීන් කඳවුරු බඳී
වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය පිළිබදව සුව ඇමැතිගෙන් ප්‍රකාශයක්
දිස් ඉස් ද නිවුස් ඇට් ටෙන් - අනුර හෑගොඩ
මේ රටේ මත්ද්‍රව්‍යය ජාවාරම කවුරු මෙහෙයවුවද අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතුව මත්ද්‍රව්‍යය ජාවාරම සම්පුර්ණයෙන්ම නැති කර මත්ද්‍රව්‍යය වලින් තොර ශ්‍රි ලංකාවක් බවට කඩිනමින් පත් කරන බව නුවරඑලිය දිස්ත්‍රික් පා.ම එස් .බි.දිසානායක මහතා පැවසිය.

එස්.බි දිසානායක මහතා ඒ බැව් කියා සිටියේ (01) දින මස්කෙළිය මවුස්සාකැලේ සමන් දේවාලයේ ආශිර්වාද පුජාවකට සහභාගි වෙමින් අනතුරුව මාධ්‍යයවේදින් ඇසු ප්‍රශ්න වලට පිලිතුරු ලබාදෙමිණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු එස්.බි.දිසානායක මන්ත්‍රිවරයා කියා සිටියේ.

ජනාධිපතිවරණයේදිත් , මහ මැතිවරණයෙදිත් අපි ලබා දුන්න පොරොන්දු එකමයි, සෞභාග්‍යමත් ශ්‍රි ලංකාවක් බිහි කිරිමයි.

කෙටි කාලින , මධ්‍යම කාලින , දිර්ඝ කාලින සැලසුම් අපි ඉදිරිපත් කරලා තියෙනවා. එම වැඩසටහන් අපි එලෙසම ඉදිරියට රැගෙන යනවා.

මත්ද්‍රව්‍යය ජාවාරම පිටුපස විවිධ අය ඉන්න පුළුවන්, බන්ධනාගාර වලින් මෙහෙයවලා තියෙනවා.

මත්ද්‍රව්‍යය මර්ධනය සදහා පත් කරලා තිබුණු නාකොටික් බ්ලුරෝ එකෙනුත් මේක මෙහෙයවලා තියෙනවා.

පතාලයේ නායකයින් මත්ද්‍රව්‍යය ජාවාරම මෙරට සහ විදේශිය රටවල සිදු කරනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතාමත් වේගයෙන් මත්ද්‍රව්‍යය ජාවාරම පාලනය කිරිමට කටයුතු  කරගෙන යනවා , මේක කවුරු මෙහෙය වුවත් ඉතාමත් ඉක්මනින් අපි මත්ද්‍රව්‍යය වලින් තොර ශ්‍රි ලංකාවක් බිහි කරනවා.

වනාන්තර එලි පෙහෙලි කිරිම , විනාශ කිරිම බරපතල වරදක් , පුරාවිද්‍යාත්ම දේවල් විනාශ කිරිම බරපතල වැරදි ඒවට හරියට නිතිය ක්‍රියාත්මක වෙයි.

ඇමතිකම් ලැබුණද නැද්ද කියන එකයි , ලබාදුන් පොරොන්දු ඉටු කිරිමයි දෙකක්.

මම නුවරඑලිය ජනතාවගේ ජන්දයෙන් පාර්ලිමේන්තුවට තේරි පත් කරලා වැඩ කරන්න වරමක් ලබා දිලා තියෙනවා,  එ නිසා මම  ඒ වරම උපරිම ප්‍රයෝජනයට ගනිමින් ලබා දුන් පොරොන්දු සියල්ල ඉටු කරනවා.

මට නුවරඑලිය දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු භාර දිලා තියෙනවා , මම ඒක ශක්තියක් කරගෙන වැඩ කරගෙන යනවා. ඇමතිකම් දෙනවද නැද්ද කියන එක මට අදාල නැ.

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන අපි කිව්වේ මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ නැති කාලයේ.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ජනාධිපති විධායක ක්‍රමය හදුන්වලා දෙන වෙලාවේ , අනුපාත ක්‍රමය හදුන්වලා දෙන වෙලාවේ තමයි අපි මේක කිව්වේ.

එදා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කිව්ව පොරොන්දු , එදා මැතිනිය දුන්න පොරොන්දු , මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලබාදුන් පොරොන්දු , ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාදුන් පොරොන්දු , ඉටු කරන්න 1978 ව්‍යවස්ථාවෙන්  පසුව ලබාදුන් ප්‍රථම ජන වරම මේවරයි.

අපිට 151 තියෙනවා , එ නිසා අපිට නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් , මැතිවරණ ක්‍රමයක්  ඇති කිරිමට අවශ්‍යය ඉඩ කඩ තියෙනවා.

20 වෙනි සංශෝධනය රැගෙන ඒමට අපි දැනටමත් කටයුතු කරලා තියෙනවා , ඉදිරි දෙසතිය තුල අපි ඒක පාර්ලිමෙන්තුවට ගේනවා.

විග්නේෂවරන්ට ඕනි නැති කතාවක්නේ කිව්වේ , ප්‍රථම භාෂාව මොකක්ද කියලා කියන්න එයා පණ්ඩිතයෙක් නෙවෙයිනේ.

එයා විනිසුරුවරයෙක් , එයාට වඩා මේ රටේ ප්‍රථම භාෂාව මොකක්ද කියලා කියන්න ඕනි තරම් පඩිවරු , පුරාවිද්‍යාඥයින් , භාෂා විශේෂඥයින් ඉන්නවා.

එයා මුලින්ම සිංහල , දෙමල භාෂාව කතා කරන්න පුරුදු වෙන්න කියන්න , එයාගේ ළමයින්ට දෙමල භාෂාව කතා කරන්න පුරුදු කරන්න කියන්න.

එතුමා කල ප්‍රකාශය වැරදි , ඒක ද්වේෂ සහගතයි , සිංහල දෙමල ජනතාව අතර ප්‍රශ්නයක් හදන එකක් ඒක , සියළු ජාතින් එකට ඉන්න රටේ , ජාතිවාදි බේද ඇති කිරිම දේශ ද්‍රෝහි ක්‍රියාවක්.

විග්නේෂ්වරන් ඔය කරන්නේ උතුරේ ප්‍රභාකරන්ගේ තොටිල්ලේ හැදුණු දරුවන් සනසවන්න තමයි ඔය ප්‍රකාශ සිදු කරන්නේ. එවා ඇත්ත සටන් පාඨ නෙවෙයි.

අපේ රටේ නාග , යක්ෂ , වැදි ගෝත්‍ර , ඒ අයට භාෂා තියෙනවා , ඉන්දියාවෙන් මෙරටට ආව ජන කොටස් ඉන්නවා , දමිල භාෂාවේ මිශ්‍රණයකින් සිංහල භාෂාව තවත් පෝෂණය වෙලා තියෙනවා.

බුදු හාමුදුරුවන්ගේ කාලයේ තිබුණු පාලි සහ සංස්කෘත භාෂාවෙන් තමයි සිංහල භාෂාව පෝෂණය වෙලා තියෙන්නේ.

පාලි භාෂාවෙන්ම තමයි දමිල භාෂාව පෝෂණය වෙලා තියෙන්නේ.

බුදුන්ගේ භාෂාවෙන් පෝෂණය වුණ පැරණිම භාෂාවක් තමයි සිංහල භාෂාව කියන්නේ.

ඊට කලින් නාග භාෂාව , යක්ෂ භාෂාව , වැදි භාෂාව තිබුණා.

දකුණු ඉන්දියාව තුල දමිල භාෂාව පාලි සම්මිශ්‍රණයකින් පෝෂණය වුණා මෙන්ම , ලංකාව තුල පාලි සංස්කෘතික භාෂාව සමග බුද්ධ ධර්මය ,නාග භාෂාව , යක්ෂ භාෂව , වැදි භාෂාව හරහා බිහි වුණ භාෂාවක් තමයි සිංහල භාෂාව. යනුවෙන් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ‘මට ජනතාව වරමක් දී තිබෙනවා’ – එස්.බි. ඇමතිකමක් නැතිවීම ගැන කියයි
‘මට ජනතාව වරමක් දී තිබෙනවා’ – එස්.බි. ඇමතිකමක් නැතිවීම ගැන කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj8yicsYOIWgHF7O1u8xd8bPrjCmh2fmyg8RQiDV7sD809fpkf9S9RACk0-inAftJkmCO4K1w6JBXi6NN2CpsB6uqaLWgfkycmorrmAGgX7bRXs7c156B164m5N57V_6SywSjJwweYXelI/s320/sb-disanayake.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj8yicsYOIWgHF7O1u8xd8bPrjCmh2fmyg8RQiDV7sD809fpkf9S9RACk0-inAftJkmCO4K1w6JBXi6NN2CpsB6uqaLWgfkycmorrmAGgX7bRXs7c156B164m5N57V_6SywSjJwweYXelI/s72-c/sb-disanayake.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/09/blog-post_61.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/09/blog-post_61.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy