ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අවසන් මහා ජලාශ දෙක වන කළු ගඟ සහ මොරගහකන්ද ජලාශ දෙකේ කළු ගඟ ජලාශයේ ජලය පිරීම මේ දිනවල සිදුවෙමින් පවතී. කළු ගඟ ...
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අවසන් මහා ජලාශ දෙක වන කළු ගඟ සහ මොරගහකන්ද ජලාශ දෙකේ කළු ගඟ ජලාශයේ ජලය පිරීම මේ දිනවල සිදුවෙමින් පවතී.
කළු ගඟ ජලාශයේ ජලය පිරෙනවත් සමග එම ප්‍රදේශයේ සිටි කුඩා සතුන් බේරා ගැනීමේ මෙහෙයුමක් වනජීවී නිලධාරීන් පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් සහ මහවැලි නිලධාරීන් එක්ව ක්‍රියාත්මක කරමින් සිටීති .
කළු ගඟ හරස් කිරීමත් සමඟ ජලාශයේ ජලය පිරෙමින් පවතීම හේතුව නිසා අතරමංව සිටින ජලයට යටවූ ප්‍රදේශ වල සිටින කුඩා සතුන් ඇල්ලීමේ මෙහෙයුම වැසි තත්ත්වය නොසලකා වනජීවී නිලධාරීහු දැඩි වෙහෙසක් දරමින් සිදුකරති.
විශාල වශයෙන් පිහිනීමට නොහැකි කුඩා සතුන් කටුස්සන් සර්පයින් තලගොයන් දඬුලේනුන් ආදී විවිධ සත්වයන්ගේ ජීවිත බේරා ගැනීමට වනජීවී නිලධාරීන් හට හැකිව තිබේ.
ලග්ගල පැරණි නගරය ද මේ වන විට ජලයෙන් යට වී තිබේ ,ලග්ගල නගර මධ්‍යයේ පිහිටි බොහෝ රජයේ ගොඩනැගිලි මෙන්ම පෞද්ගලික නිවාස ආදී සියල්ල ජලයෙන් යට වී තිබෙන ආකාරය එහි ගිය අපට දැක ගැනීමට හැකියාව ලැබිණි. මේ වන විට පැරණි ලග්ගල නගරයේ පිහිටි විද්‍යාල ගොඩනැගිල්ල රෝහල් ගොඩනැගිලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගොඩනැගිලි වල සුන්බුන් දිස්වේ. බොහෝ අතහැර දැමූ නිවාස මේ වන විට ජාලයෙන් යට වී හමාරය ඇතැම් නිවෙස්වල ඉහළ කොටස ජලයෙන් ඉහළට මතුවී තිබෙන ආකාරය එහි ගිය අපට දැක ගැනීමට හැකියාව ලැබිණි.
මේ දිනවල පවතින වර්ෂාවත් සමඟ කළු ගඟේ ජල මට්ටම ඉහළ ගොස් කළු ගඟ ජලාශය කඩිනමින් පිරෙමින් පවතින බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නිලධාරීහු පවසති.
වස්ගමුව ජාතික වන උද්‍යානයේ වනජීවී නිලධාරීන් ඇලහැර, ලග්ගල, වනජීවි කාර්යාල වල නිලධාරීන් මෙන්ම දඹුල්ල පොලිසියේ පොලිස් ජිවිතාරක්ෂක සංගමයේ නිලධාරීන් එක්ව මෙම සතුන් බේරා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කරමින් සිටින බව ලග්ගල වන සත්ව අඩවි ආරක්ෂක එස්. එම්. සංජීව මහතා කියාසිටියේය.
කළු ගඟ ජලාශයේ වතුර එක්රැස් වීමත් සමග මේ වන විට ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පිහිටි ග්‍රාම සේවා වසම් 12 ක් පමණ ජලයෙන් යටවී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. තව දින කිහිපයක් ගතවෙද්දී එම ප්‍රදේශයේ පැරණි ගම්මාන සියල්ල ජලයෙන් යට වෙනු ඇත.
කළු ගඟ ජලාශයේ ඉදිකිරීම් කටයුතු ද කඩිනමින් නිම වන අයුරු එහි ගිය අපට දැක ගැනීමට හැකියාව ලැබිණි.
ඇතැම් වනසතුන් දිවි බේරා ගැනීම සඳහා දැඩි උත්සාහයක නිරතවන සංවේදී දසුන් රැසක් අපට මෙහිදී දැක ගැනීමට හැකියාව ලැබීම ද විශේෂත්වයකි. කුඩා බෝතල් වල පාවෙමින් සිටි කුඩා සතුන් එමෙන්ම ලී කොට වල දැව කඳන් මත පාවෙමින් සිටි සතුන් ජලයේ පාවෙමින් සිටි සතුන්ගේ ජීවිත ඔවුහු දැඩි වෙහෙසක් දරමින් බේරා ගැනීම විශේෂත්වයකි.
මෙසේ බේරා ගන්නා සතුන් ආසන්නයේම පිහිටි කැලෑවල වලට නිදහස් කරන බව අඩවි වනජීවී නිලධාරීහු පවසති.
(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
COMMENTS