ඉ තිහාසයේ පළමුවතාවට රාජ්‍ය නායකයා නිර්පාක්ෂිකවීම හේතුවෙන් මෙවර සාධාරණ හා සාමකාමී මැතිවරණයක් රට තුළ පැවැත්වීමට හැකිව තිබෙන බවත් එය ප්‍රජාතන්...
ඉතිහාසයේ පළමුවතාවට රාජ්‍ය නායකයා නිර්පාක්ෂිකවීම හේතුවෙන් මෙවර සාධාරණ හා සාමකාමී මැතිවරණයක් රට තුළ පැවැත්වීමට හැකිව තිබෙන බවත් එය ප්‍රජාතන්ත්‍රවාදය තහවුරුවූ රටක මූලික ලක්ෂණයක් බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.
ආරක්ෂක අමාත්‍යවරයා සහ පොලිසිය භාර අමාත්‍යවරයා ලෙස තමන් එම අංශවලට උපදෙස් දී තිබෙන්නේ සාධාරණ සහ සාමකාමී මැතිවරණයක් වෙනුවෙන් කැපවීමට බව පෙන්වාදුන් ජනාධිපතිවරයා මෙවර මැතිවරණය ඓතිහාසික මැතිවරණයක් බවට පත්වන්නේ තමාගේ මධ්‍යස්ථ ප්‍රතිපත්තිය හේතුවෙන් බවද කියා සිටියා.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඉටුකළ මෙහෙවර ඇගයීමට ලක් කරමින් අද (15) පෙරවරුවේ පොලිස් දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේදී පැවති හමුවකට එක්වෙමින්ය.
අද උදෑසන පොලිස් මුලස්ථානයට ජනාධිපතිවරයා පැමිණි අතර එහිදී එතුමන්ට පොලිස් උත්තමාචාර පිරිනමමින් අභිමානවත් අයුරින් පිළිගනු ලැබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ. එමෙන්ම ජනාධිපතිවරයා එහිදී වැඩබලන පොලිස්පති සි.ඩි. වික්‍රමරත්න ඇතුළු ජේෂ්ඨ පොලිස් නිලධාරීන් සමග සුහද පිළිසඳරක නිරතවිය.
එමෙන්ම ත්‍රිවිධ හමුදාවන්හි උත්තමාචාරය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම වෙනුවෙන් විශේෂ උත්සවයක් ඊයේ රාත්‍රියේ කොළඹදී පවත්වා තිබෙනවා. ජනාධිපතිවරයා සහ සේනාධිනායකයා ලෙස යුධ, ගුවන් සහ නාවික හමුදාවන් ශක්තිමත් කරමින් රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් සහ ත්‍රිවිධ හමුදාවේ අභිමානය සුරැකීම වෙනුවෙන් පසුගිය පස්වසරක කාලය පුරා ජනාධිපතිවරයා ගත් පියවර අගයමින් මෙහිදී ජනාධිපතිවරයා වෙත උපහාර පිළිගන්වා තිබෙනවා.
එමෙන්ම සියලු විශ්වවිද්‍යාල උපකුලපතිවරු ද ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා හමුව තිබෙනවා.
විශ්වවිද්‍යාල පද්ධතියට නව අරුතක් ලබා දෙමින් එහි උන්නතිය උදෙසා මෙන්ම විශ්වවිද්‍යාල සිසුන්ගේ සුබසාධනය වෙනුවෙන් ද, මෙරට උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම වෙනුවෙන් ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල උපකුලපතිවරුන් විසින් ජනාධිපතිවරයාට මෙහිදී සිය ස්තුතිය පිරිනැමූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ.

COMMENTS