අදට (27) යෙදී ඇති මහවිරු සැමරුම් වැඩසටහන වෙනුවෙන් විශ්ව විද්‍යාලයේ යුද්දයේදී මිය ගිය අය සිහිකිරීමේ සැමරුම් ස්මාරකය මේ වන විට සකස් කොට ඇති ...
අදට (27) යෙදී ඇති මහවිරු සැමරුම් වැඩසටහන වෙනුවෙන් විශ්ව විද්‍යාලයේ යුද්දයේදී මිය ගිය අය සිහිකිරීමේ සැමරුම් ස්මාරකය මේ වන විට සකස් කොට ඇති බව යාපනය පොලීසිය පැවසීය.
විශ්ව විද්‍යාලයේ දෙමළ සිසුන් සැමරුම් ස්මාරකය අභියස සහ විශ්ව විද්‍යාලයට පිවිසෙන මාර්ගයේ වර්ණ සහිත කොඩිවැල් ඇද, ස්මාරකය අවට ප්‍රදේශයද සරසා ඇති ආකාරය දැක ගැනීමට හැකිය.
යාපනය විශ්ව විද්‍යාලයේ මහවිරු සැමරුම් වැඩසටහන පැවැත්වීමට එරෙහිව අධිකරණ නියෝගයක් ලබාදෙන ලෙසට යාපනය මහේස්ත්‍රාත් අධිකරණයෙන් කෝපායි පොලිසිය සිදු කල ඉල්ලීමට අනුව යාපනය මහෙස්ත්‍රාත් එස්.සදීස්කරන් මහතා විසින් නියෝග කොට තිබුණේ එල්. ටී. ටී. ඊ. කොඩි, ලාංජන, නිලඇඳුම් හා රුව ඇතුලත් පෝස්ටර් බැනර් ප්‍රදර්ශනය නොකර සැමරුම් පවත්වන ලෙසටයි.
අධිකරණ නියෝගයෙන් අනතුරුව විශ්ව විද්‍යාල සිසුන් යාපනය විශ්ව විද්‍යාල සීමාව තුල කිසිදු එල්.ටී.ටී.ඊ. සැමරුමක් නොමැතිව වර්ණ කොඩි වැල් පමණකින් සැමරුම් ස්මාරකය සරසා තිබෙනවා.
යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් නියෝජිතයින් පැවසූවේ විශ්ව විද්‍යාල සිසුන් හා විශ්ව විද්‍යාල ප්‍රජාව සමග එක්ව අද (27) දහවල් යුද්ධයෙන් මියගිය සහෝදර ජනතාව සිහිපත් කිරීමේ වැඩසටහනක් පවත්වන බවටයි.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS