උතුරේ ජනතාවගේ ජීවනෝපාය මාර්ග වැඩි දියුණු සදහා ආධාර සපයන ලෙස උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා විසින් කරණ ලද...
උතුරේ ජනතාවගේ ජීවනෝපාය මාර්ග වැඩි දියුණු සදහා ආධාර සපයන ලෙස උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා විසින් කරණ ලද ඉල්ලීමක් කැනඩා රජය මගින් ප්‍තික්ෂේප කොට තිබේ.
මේ සම්බන්ධයෙන් වූ දැණුම් දීම කැනඩා තානාපති කාර්යාලය හරහා විග්නේස්වරන් මහතාට දැණුම් දී තිබේ.
විග්නේස්වරන් මහතා කැනඩා රජයට ලිපියක් යවමින් ඉල්ලීමක් කොට ඇත්තේ උතුරු පළාතෙන් කැනඩාවට ගිය පිරිස වර්ධනය වී මේ වන විට කැනඩාවේ එක්ලක්ෂ හතළිස් දාහක් පමණ දෙමළ වැසියන් ජීවත් වන බවයි.
ඔවුන් එහි වාසය කරමින් විවිධ රැකියාවල නිරත වෙමින් කැනඩා රජයට විශාල ආදායමක් උපයා දෙන බැවින් උතුරේ වැසියන්ගේ මව්බිමේ සංවර්ධනය වෙණුවෙන් යම් මුදලක් ලබා දෙන ලෙසයි.
විග්නේස්වරන් මහතා කැනඩා රජයට යොමු කරණ ලද ලිපිය සමග උතුරේ විවිධ සංවර්ධන සැලසුම් අඩංගු සැලසුම් දහයක ඇස්තමේන්තුද යව ඇති අතර ඔහු එම ලිපිය යවා ඇත්තේ උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යධුරය දරණ ලද කාලවකවානුවේදීය.
කැනඩා රජය මගින් එවන ලද ලිපියේ සදහන් කොට ඇත්තේ දැනට සී.වී.විග්නේස්වරන් මහතා උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යධූරය නොදරණ නිසා කැනඩා රජයට රාජ්‍යතාන්ත්‍රික ස්වරූපයක් ඔස්සේ උතුරේ සංවර්ධන කටයුතු සදහා ආධාර කළ නොහැකි බවයි.
එය එසේ කළහොත් කැනඩා රජය පෞද්ගලිකව විග්නේස්වරන් මහතාට ආධාර සැපයීමක් වශයෙන් අර්ථකතනය කෙරෙන අතර එම ක්‍රියාවලිය රාජ්‍ය තාන්ත්‍රික ස්වභාවයෙන් බැහැර වූවක් බවද එම ලිපියේ සදහන් කොට තිබේ.
ලෝකයේ බොහෝ රටවල ආර්ථික කටයුතු නංවාලීම පිණිසත් තවත් බොහෝ අරමුණු උදෙසාත් කැනඩා රජය ආධාර උපකාර සපයන බවද ශ්‍රී ලංකාවට කැනඩා රජය ආධාර සපයන්නේ මීට වසර ගණනාවකට ඉහත සිට බවද ලිපියේ සදහන් වෙයි.
තත්ත්වය එසේ වුවත් උතුරේ වැසියන් විශාල පිරිසක් කැනඩාවේ වෙසෙන බව සලකා ආධාර කිරීමට හැකියාවක් නොමැති බවද එම ලිපියේ වැඩිදුරටත් සදහන් වෙයි.
(දිනසේන රතුගමගේ)
COMMENTS