එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි පෙළ සහ පසුපෙළ සියලු පාර්ශවවල අරමුණ රනිල් ජනපති, සජිත් අගමැති යන තේමාවෙන් ඉදිරියට යාම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්...
එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි පෙළ සහ පසුපෙළ සියලු පාර්ශවවල අරමුණ රනිල් ජනපති, සජිත් අගමැති යන තේමාවෙන් ඉදිරියට යාම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.
ඒ කාරණය ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපති අපේක්ෂකයා ලෙසත් නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අගමැති අපේක්ෂකයා ලෙසත් නම් කිරිම පිළිබඳව පක්ෂ මන්ත්‍රී මණ්ඩලයේ දී සාකච්ඡා වු බව කී ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඉදිරි කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේ දී ඒ පීළිබඳව තීරණයකට එළැඹෙනු ඇතැයි ද ඇය කීවාය.
පසුගිය මහ මැතිවරණයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට අපේක්ෂක කම දෙමින් ඔහුව නැවතත් දේශපාලයට ගෙනාවේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.
එහිදී ඒ මහත්මිය මෙසේ අදහස් දැක්විය.
"මහින්ද රාජපක්ෂ මහතා නැවතත් දේශපාලනයට ගෙනාවේ මෛත්‍රීපාල සිරිසේන මහතායි. මහින්ද රාජපක්ෂ මහතාට අගෝස්තු මැතිවරණයේ ටිකට් එක දුන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතායි. මෛත්‍රීපාල ජනපතිතුමාගේ පුරුද්දක් තිබෙනවා තමන්ට අඩි දෙකක් යෑමට උදව් කළ අය අඩි දෙක ඉදිරියට ගිහින් අතහරිනවා. මෛත්‍රීපාල සිරිසේන මහතා තේරුම් ගන්න ඕන හැම ගහකටම කෙටුවට පස්සේ කෙසෙල් ගහට කෙටුවට පස්සේ හෙට පැටලෙනවා. අද මහින්ද රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්තා. අද දුමින්ද දිසානායක මහතා ඇතුළු සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් අසරණ වුණා. පොදුජන පෙරමුණ නාමල් රාජපක්ෂයේ අනාගතය වෙනුවෙන් නිර්මාණය කළ පක්ෂයක්. මේ වෙලාවේ වාමාංශික උදවියගේ ජන බලය තිබේන්නේ පොදුජන පෙරමුණට. මෛත්‍රීපාල ජනපතිතුමා ඉතිහාසයට යනවා පක්ෂයක් සුණු විසුණු කළ කෙනෙක් ලෙසට. අපි එක්සත් ජාතික පෙරමුණක් ලෙස ඡන්දයට මුහුණ දෙනවා. මේ පෙරමුණට නායකයෝ නෑ. අපි දුමින්ද දිසානායක මහතාට ආරාධනා කරනවා. මහින්ද අමරවිර මහතාට පොදු ජන පෙරමුණේ සමාජිකත්වය ගන්න පුළුවන්ද දන්නේ නෑ. "
COMMENTS