පාර්ලිමේන්තුව තුල බහුතරය හදා ගැනිමට නොහැකි බංකොලොත් කණ්ඩායම් ඩොලර් මිලියන 03, ලක්ෂ දසදහසේ මුදල් කුට්ටි මන්ත්‍රිවරුන්ට ලබාදි මේ දින දෙක තුල...
පාර්ලිමේන්තුව තුල බහුතරය හදා ගැනිමට නොහැකි බංකොලොත් කණ්ඩායම් ඩොලර් මිලියන 03, ලක්ෂ දසදහසේ මුදල් කුට්ටි මන්ත්‍රිවරුන්ට ලබාදි මේ දින දෙක තුල පාර්ලිමේන්තුවේ බහුතරය හදාගැනිමට උත්සාහ දරමින් සිටින බවට තොරතුරු ලැබි තිබෙනවා යැයි හිටපු නියෝජ්‍ය අමාත්‍ය හා පාර්ලිමෙන්තු මන්ත්‍රි මනුෂ නානායක්කාර මහතා පවසයි.
අක්මිමන වංචාවල ප්‍ර දේශයේ පිහිටි මන්ත්‍රිවරයාගේ නිවසේ ඊයේ (18) දහවල් පැවති මාධ්‍ය හමුවකදි මන්ත්‍රිවරයා මේ බව සදහන් කළේය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
"අලුත්ම ආරංචිය. නැවත මුදල් සුදුව ආරම්භ කරලා තියෙනවා. බංකොලොත් කණ්ඩායම් ඩොලර් මිලියන 03කට ලක්ෂ දහදහසේ මුදල් කුට්ටි ලබා දිලා මේ දින දෙක ඇතුලත තමන්ගේ 113 හදාගන්න උත්සාහ කරණ බවට තොරතුරු ලැබිලා තියෙනවා.. පසුගිය දිනවල අලුතෙන් හදපු ආණ්ඩුවට එකතුවෙලා නැවත එජාපයට ආපු මන්ත්‍රිවරුන්ට බලපැම්කරලා ඒ අය උස්සාගෙන යාමට උත්සාහ කරපු අවස්ථාවන් අපට ආරංචි වෙනවා. මුදල් දිලා මන්ත්‍රිවරුන් බා ගන්නයි. මේ උත්සාහ කරන්නේ. එජාපයට හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයාට පාර්ලිමේන්තුවේ 113ක් තියෙනවා. එතුමාට මුදල් දිලා මන්ත්‍රිවරු ගන්න අවශ්‍ය නැහැ. අපට 122ක් මන්ත්‍රිවරු ඉන්නවා. එතුමා ශක්තිමත් අපි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තමයි මේ තින්දුව අරගෙන තියෙන්නේ. මන්ත්‍රිවරු 113ක් නැති බංකොලොත් කණ්ඩායම එක එක නායකයින්ගේ පුත්තු මැදිහත්වෙලා ගොලයින් මැදිහත්වෙලා මුදල් ලබාදි මන්ත්‍රිවරු බිලා බා ගැනිම ආරම්භකොට තියෙනවා.එජාපය ප්‍රමුඛ සන්ධානයක් විදියට සන්ධානගත වෙලා ඉදිරි මැතිවරණයට තරග කරණවා. ශ්‍රි.ල.නි.පක්ෂයේ බහුතර කණ්ඩායමක් මෙම සන්ධානයට එකතුවිමට කැමැත්ත පලකරලා තියෙනවා. සියලු දේනාම එකතුකරගෙන ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වු සන්ධානයක් හැදිලා මැතිවරණයට තරග කරන්න බලාපොරොත්තු වෙනවා. එවිට සියයට හැටක බහුතර බලයක් අරගෙන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ගන්න අපට හැකියාව තියෙනවා. අලුත් විදියට අලුත් දැක්මකින් අලුත් මගකින් තමයි මැතිවරණයට තරග කිරිමට සුදානමින් ඉන්නේ. එක්සත් ජාතික පෙරමුණ ඇතුලෙන් සියලු දේනා ඉල්ලන ආශ කරණ වෙනසක් එක්ක මේ ගමන යන්න බලාපොරොත්තුවෙනවා."
"අගමැතිකම දෙන්න ඕන බහුතරය තියෙන පක්ෂයට. බහුතරය නැති කෙනෙකුට දෙන්න විදියක් නැහැ. ජනාධිපතිවරයාට සදාචාරත්මක අයිතියක් නැහැ කාටවත් දෙන්නේ නැහැ කියලා කියන්න. ඉදිරි මැතිවරණයට යද්දි එජාපය පුමුඛ නව සන්ධානය අලුත් ගමනක් අලුත් විදියට යාවි. ඒ ගැන පක්ෂය තිරණය කරාවි. විවිධ අදහස් යෝජනා තියෙනවා අගමැති අපේක්ෂකයා කවුද කියලා. සජිත් ප්‍රේමදාස මහත්තයාට අපේක්ෂකත්වය ලබාදෙන්න ඉල්ලිමක් තියෙනවා. පක්ෂය එවාට ඇහුම්කන් දේවි. පක්ෂය උගත් පාඩම්වලින් තමයි ඉදිරියට යන්නේ. ජනතාව ඉල්ලන දේ රට ඉදිරියට ගෙනියන වැඩපිළිවෙලක් සමග රටේ ජනතාව ඉල්ලන දේ දෙන්න ඕන. දැනට ජනාධිපතිතුමා විශ්වාස කරලා ශ්‍රි ල.නි පක්ෂයේ ආසන සංවිධායකවරු මන්ත්‍රිධුරවල ඉන්න බොහොදෙනෙක ඉන්නවා ඒ අය අද අනාථ වෙලා .ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරණ කණ්ඩායමක් ලෙස ඒ අය ඉදිරියේ දි එ.ජා.ප පෙරමුණට එකතුවෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්කරන්න කියලා එක්සත් ජාතික පෙරමුණේ සියලු මන්ත්‍රිවරු දිවුරුම් ප්‍රකාශ ලබාදිලා තියෙනවා ඊට අමතරව දෙමල ජාතික සන්ධානය අද පස්වරුවේ දි තමන්ගේ මතයක් එක්ක මුණගැසිමට නියමිතයි.113ක් දෙනාට වැඩි මන්ත්‍රි සංඛ්‍යාවක් රනිල් වික්‍රමසිංහ මහත්තයාට අගමැතිකම දෙන්න කියලා දිවුරුම් ප්‍රකාශ ලබාදිමට සුදානමින් ඉන්නවා."යැයිද මන්ත්‍රිවරයා කිවේය.
COMMENTS