දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පුරුෂයින් සියදිවි නසා ගැනීම් ඉහළට 
Homeප්‍රවෘත්ති

පුරුෂයින් සියදිවි නසා ගැනීම් ඉහළට 

PropellerAds

ලෝකයේ සෑම තත්පර 40 කටම වරක් සියදිවි නසාගැනීමක් හේතුවෙන් පුද්ගලයෙකු මරණයට පත්වන බවත් එම නිසා ශ‍්‍රී ලංකාවේ ද සියදිවි නසාගැනීම වැළැක්වීම සදහ...

එජාප මන්ත්‍රි නලින්ට එරෙහිව සංඝාඥාවක්
මින් ඉදිරියට පිටි ප්‍රවාහනය දුම්රියෙන් 
නැගෙනහිර සරසවියේ කොටසකට නිවාඩු
පුරුෂයින් සියදිවි නසා ගැනීම් ඉහළට 

ලෝකයේ සෑම තත්පර 40 කටම වරක් සියදිවි නසාගැනීමක් හේතුවෙන් පුද්ගලයෙකු මරණයට පත්වන බවත් එම නිසා ශ‍්‍රී ලංකාවේ ද සියදිවි නසාගැනීම වැළැක්වීම සදහා විශේෂ වැඩපිළිවෙලක් දියත් කළ යුතු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

ඒ මහතා මේ බව අනාවරණය කළේ සැප්තැම්බර් මස 10 දිනට යෙදී තිබුණු ලෝක සියදිවි නසා ගැනීම වැළැක්වීමේ දිනය වෙනුවෙන් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවති විශේෂ ප‍්‍රවෘත්ති සාකච්ජාවේදීය.

එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, 

“සියදිවි නසාගැනීම ප‍්‍රධාන මහජන සෞඛ්‍ය ගැටළුවක්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සියදිවි නසාගැනීම් වැළැක්වීමේ දත්ත වලට අනුව වාර්ෂිකව ලක්ෂ 08 ක පිරිසක් සියදිවි නසා ගැනීමෙන් ජීවිතක්ෂයට පත්වෙනවා. 2015 වසරේ දී ශ‍්‍රී ලංකාව තුළ පුද්ගලයින් 3,000 ක් සියදිවි නසාගෙන ඇති අතර, ඔවුන්ගෙන් බහුතරය පුරුෂ පක්ෂයයි. පවුල් ආරවුල්,  ආදර සබදතා බිඳ වැටීම්, නිදන්ගත රෝග තත්ත්වයන්, කායික දුබලතා, මානසික රෝග, ආර්ථීක අහේනිය, මධ්‍යසාර භාවිතය වැනි හේතු සියදිවි නසා ගැනීමට බලපා ඇති බව සොයාගෙන තිබෙනවා. සියදිවි නසා ගැනීම් බොහෝවිට සිදුවන්නේ ආවේගශීලි ක‍්‍රියාවක ප‍්‍රතිඵලයක් ලෙසයි. මෙහිදී කෘෂි රසායන භාවිතය ද සියදිවි නසා ගැනීම්වලට බලපා ඇති අතර, කෘෂි රසායන සරළව මිලදි ගැනීමේ ක‍්‍රමවේදය නතර කළ යුතු වෙනවා. මධ්‍යසාර පිළිබද ජාතික ප‍්‍රතිපත්තියක් ආරම්භ කිරීම ද ඉතා වැදගත් වනවා. සියළු සියදිවි නසා ගැනීම් වළක්වා ගත හැකි අතර, අවුරුදු 15-29 ත් අතර වයස් කාණ්ඩයේ ශ‍්‍රම බලකාය සියදිවි නසා ගැනීම්වලට ගොදුරුවී තීබීම කණගාටුවට කරුණක්. වැඩිම සියදිවි නසාගැනීම් වාර්තා වන්නේ ද සංවර්ධනය වෙමින් පවතින රටවලයි.” 

සියදිවි නසා ගැනීම් පිළිබද ප‍්‍රවෘත්ති වාර්තාකරණයේ දී ද මාධ්‍ය ඉතා ප‍්‍රවේසම් විය යුතුයි. හුදු ප‍්‍රවෘත්තියක් ලෙස වාර්තා නොකර අවවාදාත්මක ස්වරූපයෙන් එම පුවත් වාර්තා කිරීම ඉතා වැදගත් වෙයි. මෙය සංවේදී  කරුණක් බැවින් පෙළඹවීමක් ඇති නොවන පරිදි වාර්තා කළ යුතුයි. මෙවැනි ප‍්‍රවෘත්ති වලට ප‍්‍රමුඛත්වය ලබානොදෙන ලෙස ද මා ඉල්ලා සිටිනවා. ආකල්ප වෙනස්වීම ද ඉතා වැදගත්. ආකල්ප හේතුවෙන් මානසික ආතතියක සිටින පුද්ගලයින් ද අපේ සමාජයේ දක්නට ලැබෙනවා. එම නිසා මනස සංවර්ධනය විය යුතුයි.” යැයි ද පැවසීය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත‍්‍රමාලි ද සිල්වා මහත්මිය, සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අධ්‍යක්ෂිකා ආර්.ඩි.එෆ්.සී කාන්ති මහත්මිය ද  එක්ව සිටියහ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පුරුෂයින් සියදිවි නසා ගැනීම් ඉහළට 
පුරුෂයින් සියදිවි නසා ගැනීම් ඉහළට 
http://ift.tt/2cnLGfE
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_932.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_932.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy