දිවයිනට ගිනිකොන දිගින් කිලෝමීටර් 1300ක් පමණ දුරකින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 ඇතුළත පීඩන අවප...
දිවයිනට ගිනිකොන දිගින් කිලෝමීටර් 1300ක් පමණ දුරකින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 ඇතුළත පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ ලකුණු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව ඉදිරි දිනවලදී විශේෂයෙන් හෙට දිනයේ සිට දිවයින හරහා හා දිවයින අවට මුහුදු ප්‍රදේශවල විශේෂයෙන්ම උතුරු, නැගෙනහිර, දකුණු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය වැඩි වීමේ හැකියාවක් පවතින බවත් ඔවුන් පෙන්වා දෙයි.
අද (04) මධ්‍යහන 12.00ට නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම හා ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථානවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ඇතැම් ස්ථානවල එම අගය මිලිමීටර් 75 දක්වා වැඩිවනු ඇති බවත්ය.
COMMENTS