මේ මස 14 වැනිදා පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භකිරීමට නියමිත අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආසන පැනවීම සම්බන්ධයෙන් 13 වැනිදා පස්වරුවේ අවසන් ...
මේ මස 14 වැනිදා පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භකිරීමට නියමිත අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආසන පැනවීම සම්බන්ධයෙන් 13 වැනිදා පස්වරුවේ අවසන් වශයෙන් තීරණය කරන බව පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
නව ආණ්ඩුවේ අමාත්‍යවරුන් දිවුරුම් දී අවසන් නොමැති නිසාත්, මේ දිනවල දිගින් දිගටම අමාත්‍යවරුන් දිවුරුම් දීම සිදුකරන නිසාත් පාර්ලිමේන්තුවේ ආසන වෙන්කිරීම මෙතෙක් සිදුකිරීම අසීරු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව පාර්ලිමේන්තුවේ අගමැතිවරයා ඇතුළු මැති ඇමතිවරුන් සඳහා ආසන පැනවීම සිදුකරන බවත් හෙතෙම සඳහන් කළේය.
එමෙන්ම 14 වැනිදා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය මෙතෙක් සකස්කර නොමැති බවත්, ඊට ප්‍රථම කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් පැවැත්වෙනු ඇති බවත් පාර්ලිමේන්තු ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමේ උත්සවයට ආරාධනා පත්‍ර බහුතරය දැනටමත් රජයේ මුද්‍රණාලයට බාරදී ඇතැයිද වාර්තා වෙයි.
COMMENTS