දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මට ජීවත් වෙන්න තියෙන්නේ මාස 12ක් විතරයි‘ පිළිකා මාරයා හා සටන් වදින තරුණියගේ සංවේදී කතාව - Photos
Homeප්‍රවෘත්ති

මට ජීවත් වෙන්න තියෙන්නේ මාස 12ක් විතරයි‘ පිළිකා මාරයා හා සටන් වදින තරුණියගේ සංවේදී කතාව - Photos

PropellerAds

මට දුක මගේ යාළුවොත් එක්ක ඉස්සර වගේ ‘පහක්‘ දාන්නත් බැරි එකයි මරණයට කළින් එක හීනයක් හැබෑ කරගන්නම ඕනා. සිහින සැබෑ වන්නේ කළාතුරකිනි. බොහෝ...

මහින්දගෙන් ඇමතිවරයෙකුට දුරකථන ඇමතුමක්
එජාපයෙන් ඒකාබද්ධයට ගිය හිටපු නගරාධිපති ශ්‍රීලනිපයට - නව සංවිධායකවරු 20ක්
මහින්ද යළි දිනවන සටන ජයගන්නා බවට බැසිල්ගෙන් ප්‍රකාශයක්


මට දුක මගේ යාළුවොත් එක්ක ඉස්සර වගේ ‘පහක්‘ දාන්නත් බැරි එකයි

මරණයට කළින් එක හීනයක් හැබෑ කරගන්නම ඕනා.


සිහින සැබෑ වන්නේ කළාතුරකිනි. බොහෝ සිහින සැබෑ නොවුණත් ඉඳහිට හෝ සැබෑ වන සිහින අප කාගෙත් ජිවිතවලට ගෙන දෙන්නේ පුදුමාකාර චමත්කාරයකි. අනපේක්ෂිත ලෙස කෙනකුගේ ජීවිතය මරණයේ සෙවණැල්ලෙන් වැසී යන මොහොතකදී පවා හිටිහැටියේම සැබෑ වන සිහින ඉතා සංවේදිජනකය.



 ඒවා අසන්නට ලැබීමත් සංවේදිජනක සිදුවීමකි. පාකිස්තාන සම්භවයක් සහිත අමෙරිකානු යුවතිය 29 හැවිරිදි ෆාතිමා අලි දරුණු පිළිකා රෝගයට ගොදුරුවීමෙන් පසුව ඇයට තිබුණේ එකම එක සිහිනයකි.

එය යළි ජිවිතයට වසන්තය උදාකර ගැනීමේ සිහිනය නම් නොවීය. ආදරයෙන් අත්වැල් පටලාගෙන ජීවිතයේ ඉතිරි භාගය සතුටින් ගත කිරීමට කූඩු තැනීමේ සිහිනය නම් නොවීය. සෑම කාන්තාවකගේම ලොකුම ආසාව වන දරුවන් හදා ගැනීමේ සිහිනයකුත් නොවීය.

ජීවත් වීමට වාසනාව ඇත්තේ තවත් වසරකට පමණක් බව වෛද්‍යවරු තහවුරු කළ මොහොතේ ජීවිතය කඩා වැටුණු මේ සුන්දර යුවතියට තිබුණු එකම ආසාව වූයේ මෙලොවින් සමුගැනීමට පෙර ලොව පුරා සංචාරය කිරීමේ සිහිනය පමණි.

දැන් සැබෑවීමට යන්නේ ඒ සිහිනයයි. මරණය අතැතිව ලොව වටා සංචාරය කරන්නට සුන්දර යුවතියකට අවස්ථාව ලැබී ඇත.

ජීවිතය හැරදා යාමට සිදුවන බව දැන දැනම ඇය ඒ සිහිනය සැබෑ කරගනිමින් සිටින්නීය.

අැමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ වඩාත්ම ජනප්‍රිය රූපවාහිනි රියැලිටි වැඩසටහන වන ‘ටොප් චෙෆ්‘ 15 වැනි වැඩසටහනට තරග කරමින් ජනප්‍රියත්වයට පත්වූ ඇයට වැළඳී තිබුණේ ඉතා දුර්ලභ අස්ථි පිළිකාවකි. ඊවිංග්ස් සාර්කොමා නමැති මේ දුර්ලභ පිළිකා විශේෂය අස්ථි හෝ මෘදු පටක ආශ්‍රිතව පැතිරී යන්නකි.

‘ඒක හිතාගන්නවත් බැරි දෙයක්. ඒක තමයි මගේ ජීවිතයේ මුහුණ දුන්නු ලොකුම කම්පනය. ඒත් මං දන්නවා මේක පරද්දන්න මට තියෙන එකම මාර්ගය ධනාත්මකව හිතන එකයි හැමෝම එක්ක සතුටින් කාලය ගත කරන එකයි කියලා.’

ජීවත්වීමේ කාලය පිළිකා මාරයාට බාර දී සිතේ සතුටින් ජීවත්වීමේ ආසාවෙන් පසුවන ඇය ලොව වටා සංචාරය කරමින් තම සූපවේදි වෘත්තිය වඩ වඩාත් වර්ණවත් කරගැනීමට කල්පනා කරන්නීය.

‘මගේ ජීවිතයේ දැන් මට ඇති එකම ආසාව විවිධ රටවල කෑම වර්ග අත්හදා බලන්නයි, ඒවායේ රස බලන්නයි, ලෝකයේ හොඳම අවන්හල් නැරැඹීමයි විතරයි.’

ෆාතිමාට පිළිකා රෝගය වැළඳී ඇතැයි මුලින්ම අනාවරණය වූයේ පසුගිය ජූලි මාසයේදීය. ඒ ඇය කෑම සහ වයින් ප්‍රදර්ශනයකට සහභාගි වෙමින් සිටියදීය.

එසේ වුවත් නිවැරැදිව හා කඩිනමින් ප්‍රතිකාර ගන්නේ නම් මාස දෙකක් ඇතුළත පිළිකාව ඉවත් කරගත හැකි බව වෛද්‍යවරුන් ඇයට පැවැසීමෙන් ඇය ජීවිතය ගැන බලාපොරොත්තු අලුත් කර ගත්තාය.

අගෝස්තු මාසයේ අගභාගය වෙද්දී වෛද්‍යවරුන් පැවැසූ පරිදිම ඇයට පුදුම සුවයක් දැනෙන්නට පටන් ගත්තේය.

ඇය අනාගතය ගැන සිහින පොදි බඳින්නට පටන් ගත්තාය. එහෙත් සැප්තැම්බර් මාසයේ මුල් භාගයේදී ඇගේ උකුල පෙදෙසේ දරුණු වේදනාවක් දැනෙන්නට වීමෙන් නැවත වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට ෆාතිමාට සිදුවිය.

පිළිකාව ඇය අතහැර නොගිය බැව් ඇය දැනගත්තේ ඒ මොහොතේදිය. ඒ වනවිටත් මේ වෛරසය ඇගේ සිරුර ආක්‍රමණය කර තිබිණි.





 ‘පරීක්ෂණ කිහිපයකින් පස්සේ ඩොක්ටර්ස්ලා මට වාඩිවෙන්න කිව්වා. ඔවුන් මා දිහා මොහොතක් බලා සිටියා. පස්සේ මෙහෙම කිව්වා. මේ බලන්න පිළිකාව ආපහු ඇවිල්ලා. දැන් නම් ඒක හරි අවදානම්. ප්‍රතිකාර සාර්ථක වෙලා නෑ.’

‘මට කියන්න කෙළින්ම. මං තව කොච්චර කල් ජීවත් වේවිද..?’

‘අවුරුද්දක්..?’ වෛද්‍යවරු අනුමාන කළේ එලෙසටය.

‘ඇත්තටම ඒක අහපු ගමන් මට පිස්සු හැදුණේ නැති ටික විතරයි. නෑ නෙවෙයි ඇත්තටම පිස්සු හැදුණා වගේ දැනුණා. ඒත් ජීවිතය කියන්නෙත් එක්තරා විදිහක පිස්සුවක් තමයි.’

ඇය එසේ කීවාය. පිළිකා මාරයා තම ජීවිතයට මරණය උදා කිරීමට දින ගණන් කරද්දී ඇය කල්පනා කරන්නට වූයේ යුරෝපයේ සුපිරි පන්තියේ අවන්හල්වල ඇති ආහාර රස බැලීම ගැනය.

මේ වනවිට ඇගේ වමත වාරු නැත. සිදුවී ඇත්තේ වඩාත්ම ප්‍රියකරන ඉහුම් පිහුම් කටයුතු කිරීමේ ආසාවත් අත්හැර දැමීමටය.

ඇරත් පිළිකාව දෙපයේ අස්ථි වටා පැතිරෙන්නට පටන් ගෙන ඇති බැවින් ඇය දැන් ඇවිදින්නෙත් කිහිලිකරු ආධාරයෙනි.

‘මට ඇති එකම දුක ආපහු වතාවක් මං ආසා කරන ඉහුම් පිහුම් කරන්න බැරි එක විතරක්ම නෙවෙයි. මගේ යාළුවොත් එක්ක ඉස්සර වගේ ‘පහක්‘ දාන්නත් බැරි එකයි.’



ලොව වටා සංචාරය කිරීමේ ඇගේ සිහිනය සැබෑ වන බව ඇය නිශ්චිතවම දැනගත්තේ පසුගියදාය. එය සැබෑ වූයේ අමෙරිකානු ප්‍රහසන රංගනයෙන් ජනප්‍රියත්වයට පත්වූ එලන් ලී ඩිජෙනර්ස් විසින් මෙහෙයවනු ලබන එක්තරා රූපවාහිනි වැඩසටහනකදීය.

එම වැඩසටහනට ආරාධනා ලැබ ඊට සහභාගි වූ ෆාතිමාට ඇගේ සිහිනය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් පනස්දහසක චෙක්පතක් පිරිනැමිණි.

ඊට අනුග්‍රාහකත්වය දැක්වූ ෂටර්ෆ්ලයි ආයතනය පිළිකා රෝගීන් සඳහා සුබසාධන ව්‍යාපෘති රැසකට දායකත්වය ලබා දෙන සංවිධානයකි.

‘දැන් මට අවුරුද්දක ජීවිතයක් තියෙනවා මේ හීනය සැබෑ කරගන්න. පිළිකාව මට කාරුණික වෙනවානම් ඊළඟ වසරේ මගේ තිස්වැනි උපන්දිනයත් සමරන්න පුළුවන් වේවි. නාස්ති කරන්න තරම් කාලයක් මට ඉතිරිවෙලා නෑ. මට ජීවත් වෙන්න තියෙන්නේ තවත් මාස 12ක් විතරයි.’

ඊළඟ මාස 6ක කාලයක් ජීවත්වීමේ වාසනාව උරගා බැලීමට අවධානය යොමුවුණත් එය නිශ්ඵල වුවහොත් ලොව වටා සංචාරය කිරීමේ කාලය අඩුවන බවත් ඇය හොඳින්ම දනී.

මරණයයි, ඩොලර් පනස්දහසයි අතැතිව සිටින මේ රූමත් තරුණියගේ සිත දෙලොවක් අතර දෝලනය වෙයි. මේ දිනවල ඇගේ ජීවිතයෙන් වැඩි හරියක් ගෙවීයන්නේ නිව්යෝක් නුවර පිළිකා රෝහලකය. රූපවාහිනි වැඩසටහනින් පසුව මේ අපූරු සූපවේදිනියට ලොව පුරා රසික රසිකාවියෝ අපමණය.

අන්තර්ජාලයේ ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවේ වැඩි හරියක් ඇත්තේ ඇයට ආදරය කරන්නට පටන්ගෙන සිටින රසික රසිකාවියන්ගේ සුබපැතුම්ය. ජීවත්වීමට දිරිය වදන්ය. එහෙත් ඒවා කිසිසේත්ම පිළිකාව ඇගේ ජීවිතයෙන් ඉවතට තල්ලු කිරීමට උපකාරී නොවන බව ෆාතිමා හොඳාකාරවම දනී.

ජනප්‍රිය සූපවේදිනියක ලෙස කටයුතු කරමින් සිටි කාලයේ ෆාතිමාට තිබුණේ ඉතා ආකර්ශනීය දිගු වරලසකි.

පිළිකාව සඳහා කළ විකිරණ ප්‍රතිකාරවල අතුරු බලපෑම් නිසා ඇයට ඒ වරලස අහිමිවිය.

‘හැමෝම හිතන්නේ මම හරි නිර්භීත තරුණියක් කියලයි. ඒත් ඇත්තම කියනවානම් මම හරි බයාදු චරිතයක්. මට ජීවත්වෙන්න ඉතිරිවෙලා ඇත්තේ තවත් අවුරුද්දක කාලයක් විතරයි කියලා වෛද්‍යවරු අනුමාන කළාට ඒ කාලය ඊට වඩා අඩුවෙන්නත් ඉඩ තියෙන බව දැනුණම හිතට දැනෙන්නේ පුදුමාකාර බයක්.’

‘නිව්යෝක් නුවර මගේම කියලා අවන්හලක් ආරම්භ කරන්න මගේ හිතේ කාලයක් ලොකු හීනයක් තිබුණා. ඒත් ඒක දැන් නෑ. ඒ හීනය පිළිකාව මගෙන් උදුරා ගත්තා. ඒත් ලෝකය වටේ සංචාරය කරන්නත්, රට රටවල කෑම වර්ගවල රස බලන්නත් මට තියෙන පුංචි හීනය නම් උදුරා ගන්න එකක් නැති වේවි කියලයි මට හිතෙන්නේ.


 ‘නාස්ති කරන්න ඇත්තටම මට කාලයක් නෑ තමයි. මරණයට කළින් ඒ හීනය හැබෑ කරගන්නම ඕනා.’

ජීවත්වීම යනු වෙනම කලාවකි. මරණයට සූදානම්වීම තවත් එකකි. ෆාතිමා එය මැනවින් අවබෝධ කරගත්තාය. අපට ද එය අපූරුවට කියා දෙන්නීය.

උපුටා ගැනිම- hiru
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මට ජීවත් වෙන්න තියෙන්නේ මාස 12ක් විතරයි‘ පිළිකා මාරයා හා සටන් වදින තරුණියගේ සංවේදී කතාව - Photos
මට ජීවත් වෙන්න තියෙන්නේ මාස 12ක් විතරයි‘ පිළිකා මාරයා හා සටන් වදින තරුණියගේ සංවේදී කතාව - Photos
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhxmQUFj_cS6rs6MW_LPp9U9xfB4Wed31_aOHSQNfpvQ8DDWimbJxZzEOSxT9z4Xxqc3HMDj_xOP4pjD9V_P2ooGRCGLCZn9rRNN9iVQJUskxnJW68qKF28IOtDYl9m6a6Fa99qQgxX0js/s640/02354.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhxmQUFj_cS6rs6MW_LPp9U9xfB4Wed31_aOHSQNfpvQ8DDWimbJxZzEOSxT9z4Xxqc3HMDj_xOP4pjD9V_P2ooGRCGLCZn9rRNN9iVQJUskxnJW68qKF28IOtDYl9m6a6Fa99qQgxX0js/s72-c/02354.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/11/12-photos.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/11/12-photos.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy