මහින්ද යළි දිනවන සටන ජයගන්නා බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ දෙහිවල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනි....
මහින්ද යළි දිනවන සටන ජයගන්නා බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ දෙහිවල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.
එහිදී හිටපු අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්විය.,
“ඔබට මතකද දන්නේ නැහැ දැනට අවුරුද්දකට එකහමාරකට ඉස්සෙල්ලා කිව්වා සමහරු පක්ෂ පිහිටුවන්න යනවා. හොඳයි පිහිටුවලා බලමු ඒ කට්ටිය මහ පාරේ ඇවිද්දවනවයි කිව්වා. අද ඒ මහ පාරේ ඇවිද්දවනවයි කියන කට්ටියගෙන් අපිට හරි කරදරේ අපිව හම්බු වෙන්න. මහ පාරේදී නෙවෙයි මහ මන්දිරවලදී හම්බු වෙන්න හදනවා. මොවුන් කිව්වේ යහපාලනය ගැන. අපේ ආණ්ඩුව පාරවල් හදනවා, කාපට් කරනවා, එයාර්පොර්ට් හදනවා. නමුත් මුන්ගේ යහපාලනයක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. අවුරුදු 3ක් ජන්දේ තිබ්බේ නැහැ. ජන්දේ තිබ්බේ නැහැ ඔන්න යාන්තම් ජන්දේ ගත්තා. ඒකත් කැමැත්තෙන් දුන්නේ නැහැ. දාන ජල්බරි ඔක්කොම දැම්මා.”
“මගේ ගැසට් එකනේ වැරදියි කිව්වේ. මුන් නඩු ගියේ වුන්ගේ ගැසට් එක වැරදියි කියලා. හැබැයි මේ මම බැසිල් රාජපක්ෂගේ ගැසට් එක වැරදියි කියපු මිනිස්සු. මොන ක්‍රමයකට හරි ජන්දේ තිබ්බොත් ඔබ මේ ආණ්ඩුවට පාඩමක් උගන්වලා, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ඉහළම ජයග්‍රහණය ලබා දෙනවා. ඒකටයි ඔබ බලන් ඉන්නේ. ඒක තමයි මම කිව්වේ පිච් එක මොකක් වුණත්, බැට් එක පොල්පිත්තෙන් වුණත්, විකට් තුනෙන් දෙකක් ගලවලා එකක් ගැහුවත් අපිට ගහන්නත් පුළුවන්, බෝල් කරන්නත් පුළුවන් කියලා. ඒ අනුව මේ ජන්දේ අනිවාර්යයෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දිනවන්න ඔබ ඉන්නවා.”යැයිද වැඩිදුරටත් පැවසීය.
COMMENTS