හම්බන්තොට වරායේ ගැටළුව සම්බන්ධයෙන් තමා ඇමතිවරයාට කතා කළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (03) තංගල්ල...
හම්බන්තොට වරායේ ගැටළුව සම්බන්ධයෙන් තමා ඇමතිවරයාට කතා කළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (03) තංගල්ලේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“පාර්ලිමේන්තුවේදී නාමල් මැතිතුමා ඇතුළු කිහිපදෙනෙක්ම කතා කළා ඕක ගැන. මම ඇමතිවරයාට කතා කළා. මොකද ආර්බිට්‍රේශන් එකක් තියෙන වෙලාවක කම්කරුවෝ එලවන්න බැහැ. නමුත් මේ අය ඒ කම්කරුවෝ එළවලා තියෙනවා. බලාපොරොත්තු වෙනවා අදාළ සමාගමටත් කතා කරලා කියන්න මේ වැඩේ කරන්න බැහැ කියලා. වරාය තමයි මේකට වග කියන්න ඕනේ. පොරොන්දු වෙලා තමයි මේවා දුන්නේ ඒ වෙලාවේ කිව්වා ඔක්කොටම රැකියා තියෙනවා කියලා වරාය ඇමතිවරයා. දැන් 400 ගාණකට රැකියාව නැති වෙලා තියෙනවා.”
COMMENTS