දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
Homeප්‍රවෘත්ති

ජනපති මෛත්‍රීගේ ආරක්ෂාව වැඩි කිරීමට පියවර ගනී (VIDEO)

PropellerAds

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇතැයි ඔහුගේ උපදේශකයන් දෙදෙනෙක් ප්‍රකාශ කළහ. ජනාධිපතිවරයා ඝාතන කිරීමට සැලැ...

ගෝඨා කරපු කාබනික වැඩේ ප්‍රතිපල ඔන්න ඇවිත්! වී අස්වැන්න මෙට්‍රික් ටොන් එකොළොස් ලක්ෂයකින් පහළ බැහැලා! අලුත්ම වාර්තාව කරපු හෙළිදරව්ව!
‘අළු සමග නැගිටිමු’ රැස්වීම් මාලාව නතර කරයි... කරන්න බැරි බව මන්ත‍්‍රින් දැනුම් දෙති!
සිගරැට්වලට බදු නොගහන එක පිටුපස ඉන්න බලවතුන් කව්ද? සිගරැට්වලට බදු ගහලා අත්‍යවශ්‍ය භාණ්ඩවල බදු අඩු කරන්න! ආණ්ඩුවට සිග්නල් එකක්! කොළඹ පුරාම පෝස්ටරයක්!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇතැයි ඔහුගේ උපදේශකයන් දෙදෙනෙක් ප්‍රකාශ කළහ.

ජනාධිපතිවරයා ඝාතන කිරීමට සැලැස්මක් ඇතැයි අනාවරණය වී මසකට ආසන්න කාලයක් ගත වීමෙන් පසු මෙම පියවර ගෙන තිබේ.

ජනාධිපති ඝාතන සැලැස්මට සම්බන්ධ බව කියමින් සැප්තැම්බර් 22 වැනිදා මෙරට පොලිසිය ඉන්දීය ජාතිකයකු ද අත්අඩංගුවට ගත්තේය. ශ්‍රී ලංකා සහ ඉන්දියානු මාධ්‍යය ඔහු එම්.තෝමස් යනුවෙන් හැඳින්වූ අතර ඔහු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පදිංචිකරුවකු යැයි ද වාර්තා කර තිබිණි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ උත්සහායක් තිබුණු බව ද පොලිස් නිලධාරියෙක් පැවැසීය.

“ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර තිබෙනවා” යැයි ජනාධිපති උපදේශකයකු වන ශිරාල් ලක්තිලක මහතා කොළඹ දී මාධ්‍යවේදීන් හමුවේ පැවැසීය.

“අදාළ පාර්ශ්ව දැනටමත් ජනාධිපතිවරයාගේ ආරක්ෂාව වැඩි කිරීමට පියවර කර තිබෙනවා. ඇත්තටම ඔහුගේ ආරක්ෂාව මේ වනවිට වැඩි කර තිබෙනවා. අපිට මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් අවශ්‍යයි” යැයි ද ලක්තිලක මහතා කීවේය.

ජනාධිපතිවරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් තිබූ සැලසුම පිළිබඳ තොරතුරු අනාවරණය වූයේ සැප්තැම්බර් මාසයේ අගදීය. පොලිසියට තොරතුරු ලබාදුන් නාමල් කුමාර නැමැත්තකු ඔහු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු අතර වූ දුරකතන සංවාදයක් ප්‍රසිද්ධියට පත් කිරීමත් සමඟ එම තොරතුරු අනාවරණය විය.

එහි දි ජනාධිපති සිරිසේන මහතා ඝාතන තැත සම්බන්ධයෙන් ද කියැවිණි. 

මෙම ඝාතන කුමන්ත්‍රණයට වෙනත් පාර්ශ්ව හෝ පුද්ගලයන් හෝ සම්බන්ධදැයි මෙතෙක් අනාවරණය වී නොමැත.

මෙම සිදුවීම නිසා ශ්‍රී ලංකාවේ සහ අසල්වැසි ඉන්දියාව අතර මතභේදාත්මක තත්ත්වයක් ඇති වීමේ අවාදනමක් ද හටගත්තේය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉන්දීය බුද්ධි අංශය ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ යැයි පැවැසු බවට පුවත් වාර්තා වීමත් සමඟ උග්‍ර විය.

කෙසේ නමුත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එවැන්නක් ප්‍රකාශ නොකළ බව ඉන්දීය රජය මෙන්ම ශ්‍රී ලංකා රජය ද අවධාරණය කළේය.    

එම වීඩියෝව පහතින්,

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපති මෛත්‍රීගේ ආරක්ෂාව වැඩි කිරීමට පියවර ගනී (VIDEO)
ජනපති මෛත්‍රීගේ ආරක්ෂාව වැඩි කිරීමට පියවර ගනී (VIDEO)
https://i.ytimg.com/vi/uGaXXDnv_6g/hqdefault.jpg
https://i.ytimg.com/vi/uGaXXDnv_6g/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/10/video_21.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/10/video_21.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy