හොරණ ටයර් කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය පිළිබදව ජනාධිපතිවරයා ලබන සතියේ දී විශේෂ සාකච්ඡාවක් කැඳවන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අ...
හොරණ ටයර් කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය පිළිබදව ජනාධිපතිවරයා ලබන සතියේ දී විශේෂ සාකච්ඡාවක් කැඳවන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය සහ රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පවසයි.
හොරණ ටයර් කර්මාන්ත ශාලාවේ ව්‍යාපෘතිය පිළිබදව සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙද අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පසුගිය 26 වන දින නිකුත් කළ නිවේදනය පිළිබද අදහස් පළ කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙම ව්‍යාපෘතිය සදහා ආයෝජනය කළ ව්‍යාපාරිකයා පිළිබදව අග්‍රාමාත්‍යවරයා දැනුවත්ව නොසිටි බව සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගිය 25 දින කොළඹ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කරන ලදි.
ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කර තිබුණි. එම ආයෝජකයාගෙන් ඉඩම සදහා රුපියල් 10,000 ක වාර්ෂික ගාස්තුවක් අය කර ගන්නේ නම් ලබාදීමට නියමිත ඉඩම් අක්කර ගණන හා සැසදීමේ දී එහි අක්කරයක් ලබාදෙන්නේ රුපියල් 100 කට බව තමා කළ ප්‍රකාශය නිවැරදි බව අමාත්‍යවරයා සදහන් කරයි.
කෙසේ වුවද රජයේ ඉඩම් අක්කරයක් රුපියල් 10,000 ක වාර්ෂික ගාස්තුවකට හෝ ලබාදිය නොහැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටි.
COMMENTS