දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"මේ රටේ ආර්ථිකය කඩා වැටීමට හේතුවුණ අය ඉන්නේ මේ ආණ්ඩුව තුළමයි" - ගෝඨා (VIDEO)
Homeප්‍රවෘත්ති

"මේ රටේ ආර්ථිකය කඩා වැටීමට හේතුවුණ අය ඉන්නේ මේ ආණ්ඩුව තුළමයි" - ගෝඨා (VIDEO)

PropellerAds

මේ රටේ ආර්ථිකය කඩා වැටීමට හේතුවුණ අය ඉන්නේ මේ ආණ්ඩුව තුළම බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. ඒ කඩුවෙලදී ඊයේ පැවති ‘එළිය’ ස...

අනිකාට තර්ජනය කළ ව්‍යාපාරිකයා අල්ලන්න විමර්ශන.
‘කෙළවීම’ ආසන්නයේ - හේතුවක් නැතිව ආඩම්බරයි!
කෝප් කමිටුවෙන් හඳුන්නෙත්ති ඉවත් කරන්න ආණ්ඩුව දත කන්නේ ඇයි?

මේ රටේ ආර්ථිකය කඩා වැටීමට හේතුවුණ අය ඉන්නේ මේ ආණ්ඩුව තුළම බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

ඒ කඩුවෙලදී ඊයේ පැවති ‘එළිය’ සම්මන්ත‍්‍ර‍්‍රණය අමතමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“ආර්ථිකයේ උත්තේජනයක් ඇති කරන්නට ඉදිකිරීම් ක්‍ෂේත‍්‍ර‍්‍රය, යටිතල පහසුකම් දියුණු කිරීම වැදගත්. ඒ නිසයි අපේ රජය මහාමාර්ග, ගුවන් තොටුපළ, වරාය ඇති කළේ. නමුත් වැදගත් ස්ථානයක තිබෙන හම්බන්තොට වරාය මේ රජය පැමිණීමෙන් පසුව අගමැතිවරයාම වරායේ තිබූ සංවර්ධනය නතර කළා. මත්තල ගුවන් තොටුපළේ වී ගබඩා කළා. ඒවා කළේ වෛරී සහගතවයි. අප රටේ රාජ්‍ය සේවකයන් ඉතා වැදගත් ස්ථානයක් ගන්නවා. රාජ්‍ය සේවකයන්ගේ සහයෝගය නැතිව රටක් සංවර්ධනය කරන්නට බැහැ. මේ රජය ආරක්‍ෂක අමාත්‍යාංශයේ සියලූම නිලධාරීන්ව මාරු කළා. අනික් අමාත්‍යාංශවලත් එහෙමයි. රාජ්‍ය නිලධාරීන්ව මේ අය විසින් ඇති කළ පරීක්‍ෂණ මණ්ඩලවලට ගෙනිහින් කරදර කළා. එනිසා රාජ්‍ය නිලධාරීන්ට අවංකවම තීරණයක් ගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. රටක නීතියක් නැතිනම් රටක් ඉදිරියට ගමන් කරන්න පුළුවන්කමක් නැහැ. මේ වන විට රටේ පාතාලය, මත්ද්‍රව්‍ය හිස ඔසවලා. අද රටේ ඇමැතිවරු තරු හතේ ප‍්‍රජාතන්ත‍්‍ර‍්‍රවාදයක් ගැන කතා කරනවා. ජනතාවට නිදහසේ ජීවත් වෙන්න බැරි නම්, අපරාධ සිදුවෙනවා නම් ප‍්‍රජාතන්ත‍්‍ර‍්‍රවාදයක් තහවුරු කරන්නේ කොහොමද? ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ වැදගත්ම දේ තමයි ඡුන්දය. අද ඡුන්දය කල්දාලා. එහෙම තිබියදීත් තමයි මොවුන් තරුහතේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ගැන කතා කරන්නේ.”

“දේශපාලන පළිගැනීම්, දුෂණය තමයි රටේ ඉහළ ගොස් තිබෙන්නේ. රටේ අපරාධ පාලනය කරන්න බැරි වුණාම හිටපු රජයට තමයි චෝදනා කරන්නේ. ඒ වගේම රුපියල පාලනය කරන්න බැරි වුණාම ඇමරිකානු ජනාධිපතිවරයාට චෝදනා කරනවා. අදුරදර්ශී නායකත්වයක් නිසා තමයි රට මෙවැනි තත්ත්වයකට පත්වෙලා තිබෙන්නේ. එදා යුද්ධය ජයග‍්‍රහණය කිරීමේදී රණවිරුවන්ගේ සංඛ්‍යාව කොටස් වශයෙන් වැඩි කළා. එදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එම අවසරය ලබා දුන්නා. එවැනි නිර්භීත තීරණ ගන්න පුළුවන් නායකත්වයක් එදා තිබුණා. එදා ආර්ථිකයේ පසුබැස්මක් තිබූ අවස්ථාවකයි යුද්ධය කරගෙන ගියේ. එදා රට සහල්වලින් ස්වයංපෝෂිත කළා. පොහොර සහනාධාරය ලබාදුන්නා. නිවැරදි තීරණ ගන්න පුළුවන් නායකත්වයක් එදා තිබුණා. මේ වන විට ආරක්‍ෂක අමාත්‍යාංශයට ලේකම්වරු තුන් දෙනෙක් පත්වුණා. වත්මන් රජය ආරක්‍ෂාව ගැන දැනුමක් තිබෙන නිලධාරීන්ව වෙනත් ස්ථානවලට මාරු කරලා. දේශපාලනික විරුද්ධවාදීන්ට පහර දෙන්න පමණයි ඔවුන්ගේ මූලික අරමුණ වෙලා තිබෙන්නේ.”

“ආර්ථිකය කඩාවැටෙන්නට හේතු වූ අය ඉන්නේ මේ රජය තුළමයි. අපි ඇති කරපු වරාය, ගුවන් තොටුපළ දියුණු කරන්න සැලසුම් තිබුණා. ඇවන්ගාර්ඞ් ව්‍යාපෘතිය තුළින් විශාල විදේශ විනිමයක් අප ලබා ගත්තා. එවැනි ව්‍යාපාර කලින් තිබුණේ නැහැ. විශාල රැකියා ප‍්‍රමාණයක් ඇති කළා. එවැනි ව්‍යාපාර බොරු චෝදනා කරලා කඩාකප්පල් කළා. මෙවැනි විවිධ ව්‍යාපෘති නැති කරලා දැම්මා. කොළඹ නගරයේ දැන් තිබෙන ව්‍යාපෘති ඇති කළේ යුද්ධයෙන් පසුව හිටපු රජයයි. රටේ ආර්ථිකය කඩාවැටීමත් සමග සියලූ ව්‍යාපෘති මන්දගාමීවයි සිදුවෙන්නේ. ඇතැම් ඒවා නතර වෙමින් යනවා. රටේ අදුරදර්ශී, දුෂණය නිසයි මේවා වුණේ. පසුගිය රජයට විවිධ චෝදනා ගෙනවා. දුෂිතයි කිව්වා. අද රටේ ලොකුම දුෂිත නඩුව තමයි ඞී. ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීම. මට තිබූ ලොකුම චෝදනාව තමයි අධ්‍යක්‍ෂ මණ්ඩලය සමග කුමන්ත‍්‍රණය කිරීම. එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මම දැකපු නැති අයත් ඉන්නවා. එහෙම කොහොමද මම කුමන්ත‍්‍රණ කරන්නේ. තිබෙන්නේ දේශපාලන පළිගැනීම් පමණයි. මේ වගේ සැලැස්මක් නැතිව හුදෙක්ම බලයට එන්න විවිධ බොරු කිව්වා. ජනතාව මුලා කළා. එම නිසා තමයි රට මෙවැනි තත්ත්වයකට අද පත් වෙලා තිබෙන්නේ. එදා අපි මේ රට පාලනය කළේ යම්කිසි ප‍්‍රතිපත්ති මාලාවක් තුළයි. මහින්ද චින්තනය ඉදිරියට ගෙන ගියා. ඉදිරියේදී අපි අද තිබෙන තත්ත්වයන්ට අනුව මහින්ද චින්තනය ඉදිරියට ගෙන යන්නේ කොහොමද කියන සැලැස්ම සියලූම වෘත්තිකයන් සමග සාකච්ඡ කරමින් යනවා. නව රජයක් බලයට පත්වූ වහාම රටේ ප‍්‍රශ්න විසඳා, සංවර්ධනය ඉදිරියට ගෙන යෑමට තමයි සියලූම වෘත්තිකයන්ගේ අදහස් අපි ලබාගෙන යන්නේ.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

එම වීඩියෝව පහතින්,

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "මේ රටේ ආර්ථිකය කඩා වැටීමට හේතුවුණ අය ඉන්නේ මේ ආණ්ඩුව තුළමයි" - ගෝඨා (VIDEO)
"මේ රටේ ආර්ථිකය කඩා වැටීමට හේතුවුණ අය ඉන්නේ මේ ආණ්ඩුව තුළමයි" - ගෝඨා (VIDEO)
http://am.lk/media/k2/items/cache/f565ac14f778be1e0148d98fde874e72_S.jpg
https://i.ytimg.com/vi/yVVYQiFBg8w/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/10/video.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/10/video.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy