කෝප් කමිටුවේ සභාපති ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඉවත් කිරීමට රජයේ බලධාරීන් සාකච්ඡා කරමින් පවතින බව දැනගන්නට ඇත. ...
කෝප් කමිටුවේ සභාපති ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඉවත් කිරීමට රජයේ බලධාරීන් සාකච්ඡා කරමින් පවතින බව දැනගන්නට ඇත.
මෙවර අයවැය යෝජනාවලිය සම්මත වූ පසු පාර්ලිමේන්තු සැසිවාරය කල් දැමීමට රජයේ අවධානය යොමු වී ඇතැයිද දැනගන්නට ඇත.
පාර්ලිමේන්තුව නව සැසි වාරය ආරම්භ වීමත් සමග සියලු කාරක සභා අහෝසි වී අලුතෙන් කාරක සභා පත් කළ යුතු වේ.
ඒ අවස්ථාවේදී කෝප් කමිටුවේ සභාපතිත්වයෙන් සුනිල් හඳුන්නෙත්ති මහතා ඉවත් කිරීමට යන බව දැනගන්නට ඇත.
මගේ වගකීම ඉටුකළා, ආණ්ඩුවට එපා නම් යන්න ලෑස්තියි
කෝප් කමිටු සභාපතිවරයා ලෙස තමාගේ වගකීම අකුරටම ඉෂ්ට කර තිබෙන බවත්, තනතුරේ සිටින තාක්කල් එම වගකීම ඉෂ්ට කරන බවත් කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය.
ආණ්ඩුවට තවදුරටත් කෝප් කමිටු සභාපතිවරයා ලෙස තමන්ගේ සේවය අවශ්‍ය නොවන්නේනම් තනතුරින් යාමට තමන් සූදානම් බවද ඔහු පවසා සිටියේය
COMMENTS