කොළඹ නගරයේ තවත් මීතොට මුල්ල වැනි කුණු කන්දක් බිහී වීම නැවැත්වීමට හැකි වුයේ තමන්ගේ මැදිහත් වීමෙන් බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨ...
කොළඹ නගරයේ තවත් මීතොට මුල්ල වැනි කුණු කන්දක් බිහී වීම නැවැත්වීමට හැකි වුයේ තමන්ගේ මැදිහත් වීමෙන් බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (09) කොළඹ පැවති මාධ්‍ය හමුවකදි අදහස් දක්වමිනි.
කොළඹ මහනගරසභාව විසින් නිසි කළමනාකරණයක් නොමැතිව සිදු කළ කටයුතු හේතුවෙන් මෙම ගැටළු උද්ගත වී ඇති බව අමාත්‍යවරයා පවසයි.
එමෙන්ම තම අමාත්‍යාංශයට ඕනෑම අවස්ථාවකදි කොළඹ කුණු කළමනාකරණ ක්‍රියාවලියෙන් ඉවත් විය හැකි බවත් හැකි නම් නිස ලෙස එය කළමනාකරණය කර පෙන්වන ලෙසට තමන් කොළඹ පුරපති රෝසි සේනානායක මහත්මියට අභියෝග කරණ ලෙස අමාත්‍යවරයා එහිදි පැවසීය.
COMMENTS