කරුණා අම්මාන්, පිල්ලෙයාන් සහ කේ.පීලාගේ කරට අත දමාගෙන සිටි මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ විමල් වීරවංශලා හානි පූර්ණ පනතට විරුද්ධ වීම ර...
කරුණා අම්මාන්, පිල්ලෙයාන් සහ කේ.පීලාගේ කරට අත දමාගෙන සිටි මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ විමල් වීරවංශලා හානි පූර්ණ පනතට විරුද්ධ වීම රටට විහිලූවක් බව කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජුබර් රහුමාන් මහතා කොළඹදී පැවසීය.
දළදා මාලිගාවට බෝම්බ ගැසූ කරුණා අම්මාන්ට කිරි පොවා සුර සැප දුන් ඒකාබද්ධ කල්ලිය එක්සත් ජාතික පක්ෂයට කොටි බොඩ් ඇලවීමට උත්සාහ දැරිම පවා තමා පුදුම වන බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදි ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසිය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුජුබර් රහුමාන් මහතා මෙසේද කීවේය.
‘‘හානිපූර්ණය සඳහා වන කාර්යාලීය පනත පසුගියදා පාර්ලිමේන්තුවේදි සම්මත වුණා. රණසිංහ පේ‍්‍රමදාස, ගාමිණී දිසානායක යන මහත්වරුන් ඝාතනය කල එල්. ටී.ටී. ඊ සාමාජිකයන්ගේ පවුල්වලට මුදල් ගෙවන්න අපි කටයුතු කරන බවට දැන් ඒකාබද්ධ විපක්ෂය අපිට චෝදනා කරනවා. මේ පනතේ හොඳ දේවල්, ධනාත්මක දේවල් කතා කරකරන්නේ නැතුව එල. ටි. ටී. ඊ එකට අපි මුදල් දෙන්න යනවා කියන සටන් පාඨය දාලා බලනවා නැවත ජාතිවාදය අවුස්සන්න පුලූවන්ද කියලා. විමල් වීරවංශ මහත්තයා කියන විදියට දළදා මාළිගාවට බෝම්බ තියපු අයට, අරන්තලාවේ භික්ෂු ඝාතනය කළ අයට කාන්තන්කුඩියේ මුස්ලිම් බැතිමතුන් ඝාතනය කළ අයට අපි වන්දි මුදල් දෙන්න යනවලූ. මේ ප‍්‍රහාරයන් සියල්ලටම නායකත්වය දැරුවේ කරුණා අම්මාන් විසිනුයි. මේ කරුනා අම්මාන්ට ඒ අය ඇමැතිකම් දිලා කැබිනට් එකේ වාඩි කලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති කලා. පිල්ලෙයාන්ව මහ ඇමැති කලා. කේ. පීට සුර සැප දුන්නා. රාජපක්ෂ ආන්ඩු කාලේ මේ අය මෙහෙමයි එල්. ටි.ටී. ඊ එකට හානිපූර්ණය ලබා දුන්නේ. එහෙම කරන ගමන් අපිට චෝදනා කරනවා. මොකක්ද මේ හතර බීරි කතාව කියලා අපි ඒ අයගෙන් අහනවා."
COMMENTS