උතුරු පළාතේ පවතින ප්‍රශ්න හා ගැටළු කීපයකට විසදුම් ලබා ගැනීමේ අරමුණින් අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කලා මිස දෙමළ ජාතික සන්ධානයට අග්‍රාමාත්...
උතුරු පළාතේ පවතින ප්‍රශ්න හා ගැටළු කීපයකට විසදුම් ලබා ගැනීමේ අරමුණින් අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කලා මිස දෙමළ ජාතික සන්ධානයට අග්‍රාමාත්‍යවරයා සමග වෙනත් ඩීල් එකක් නැතැයි දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පැවසීය.
යාපනයේ පිහිටි ඔහුගේ නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී සුමන්තිරන් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
දෙමළ ජාතික සන්ධානය අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කරන්නේ දෙමළ ජාතික සන්ධානයත් එතුමාත් අතර ඇති රහසිගත සම්බන්ධයක් නිසා යැයි ජනමාධ්‍ය හා දකුණේ දේශපාලන බලවේග සදහන් කරණු ලැබුවත් එම ප්‍රකාශයන් මුළුමනින්ම අසත්‍ය බව මන්ත්‍රීවරයා පැවසීය.
රටේ පවතින දේශපාලන වාතාවරණය දෙස බලන විට කිසිදාක නොවූ අයුරින් ප්‍රධාන පක්ෂ දෙක එකතුවී ජාතික රජයක් බිහිකොට ඇති බැවින් දෙමළ ජාතික සන්ධානය ඊට සහය දෙනවා මිස වෙනත් යටි අරමුණක් නොමැති බවද සුමන්තිරන් මන්ත්‍රීවරයා පවසයි.
අග්‍රාමාත්‍යවරයාට විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් වූ අවස්ථාවේදී පමණක් නොව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් දාසය දෙනාගේ ඡන්දය පාර්ලිමේන්තුවේදී සෑම කටයුත්තකටම ඉතා වැදගත් වන බව කියා සිටියේය.
අග්‍රාමාත්‍යවරයා සමග කල සාකච්ඡාවේදී ඉටුවිය යුතු කරුණු දහයක් ලෙස යෝජනාවලියක් ඉදිරිපත් කලේ විශ්වාසභංග යෝජනාවට සහය දීමේ කොන්දේසි වශයෙන් නොවන බව පවසන මන්ත්‍රීවරයා දෙමළ ජාතික සන්ධානය මේ ඉල්ලීම් ඉල්ලා සිටින්නේ අදක ඊයේක සිට නොවන බවද කියා සිටියේය.
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් අග්‍රාමාත්‍යවරයා සමග කල සාකච්ඡාවේ ප්‍රතිපලයක් වශයෙන් උතුරේ ඉඩම් විශාල ප්‍රමානයක් මහවැලිය විසින් අත්පත් කරගැනීමට යන උත්සාහය වළක්වා ගැනීමට හැකි වූ බව කී සුමන්තිරන් මන්ත්‍රීවරයා මේ පිළිබදව අවසානයේදී ජනාධිපතිවරයා සමගද සාකච්ඡා කිරීමට සිදු වූ බවද කියා සිටියේය.
(දිනසේන රතුගමගේ)
COMMENTS