සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා එක්සත් ජාතික පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ. එක්සත් ජාතික...
සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා එක්සත් ජාතික පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ පුර්ණ ප්‍රතිසංවිධාන සඳහා සහය දැක්වීමක් ලෙස තමා එජාප සභාපති ධුරයෙන් ඉල්ලා අස් වු බව අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන යෝජනා ලබා ගැනීම සඳහා පත් කෙරුණු රුවන් විජයවර්ධන කමිටුව සියලු තනතුරු වෙනස් කළ යුතු බවට නිර්දේශ කර තිබිණි. එක්සත් ජාතික පක්ෂයේ නව තොරතුරු සියල්ල මැයි 01 වැනිදාට පෙර පත් කිරීමට නියමිතව ඇත.
මේ අතර ඊයේ (08) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ එක්සත් ජාතික පක්ෂ නව නිලධාරී මණ්ඩලය අප්‍රේල් මස 30 වැනි දිනට පෙර පත් කරන බවයි.
සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට නියමිත බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
COMMENTS