අලුත් අවුරුද්ද වෙනුවෙන් සාප්පු සවාරි හා ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා බස් රථ ගමන්වාර 3500ක් ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ගමනා ගමන කොමි...
අලුත් අවුරුද්ද වෙනුවෙන් සාප්පු සවාරි හා ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා බස් රථ ගමන්වාර 3500ක් ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ගමනා ගමන කොමිසම පවසයි.
එහි සභාපති එම්.ඒ.පී. හේමචන්ද්‍ර මහතා පැවසුවේ කොළඹ බැස්ටියන් මාවතේ සිට දිවයිනේ සියලු ම ප්‍රදේශ වෙත එම සේවා ක්‍රියාත්මක බව ය.
මීට සමගාමීව අධිවේගී මාර්ගයේ බස් රථ ගමන් වාර සංඛ්‍යාව ද ඉහළ නංවා තිබේ.
ලංකා ගමනා ගමන මණ්ඩලය ද ඊයේ සිට ලබන 24 වනදා දක්වා විශේෂ අලුත් අවුරුදු බස් සේවාවක් ආරම්භ කර තිබේ.
මීට සමගාමීව ඊයේ සිට විශේෂ දුම්රිය සේවා ද ආරම්භ කර තිබේ.
ඒ අනුව හෙට සවස 7.20 කොළඹ කොටුව සිට බණ්ඩාරවෙල දක්වා වායු සමනය කළ මැදිරියක් ද සහිත දුම්රියක් ගමන් ආරම්භ කිරීමට නියමිතය.
කොළඹ කොටුව සිට මහව දක්වා තවත් විශේෂ දුම්රියක් අද සවස 1.05ට ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර මහව සිට කොළඹ කොටුව බලා සවස 5.10ට දුම්රියක් ගමන් ආරම්භ කෙරේ.
COMMENTS