සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මැදිහත්වීම මත කොළඹ වරායේදී ඉකුත් දා රේගු අත්අඩංගුවට පත්වූ පණුවන් සහිත ටින්මාළු තොගයෙන් කොටසක් මෙරට වෙළඳපොළට නිකුත් කි...
සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මැදිහත්වීම මත කොළඹ වරායේදී ඉකුත් දා රේගු අත්අඩංගුවට පත්වූ පණුවන් සහිත ටින්මාළු තොගයෙන් කොටසක් මෙරට වෙළඳපොළට නිකුත් කිරීමේ සුදානමක් පවතින බව වාර්තා වේ.
චීනයෙන් මෙරටට ආනයනය කළ ටින්මාළු වල පණුවන් සහිත බවට මතුවූ සැකයක් මත සෞඛ්‍ය අමාත්‍යංශය ඉකුත් දා ඒවා පරික්ෂා කළ අතර පණුවන් සහිත ටින්මාළු තොගයෙන් කොටසක් නැවත චීනයට හරවා යැවීමට ද ශ්‍රී ලංකා රේගුව පියවර ගෙන තිබිණි.
එහෙත් තවත් ටින් මාළු තොගයක් නැවත පරික්ෂා කිරීමට හා ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට කොළඹ වරායේම රඳවා ගෙන තිබෙන අතර එම තොගය හොර රහසේ වෙළඳපොළට නිකුත් වීමේ අවධානමක් පවතින බවද පැවසේ.
COMMENTS