දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තැපැල් වර්ජනයට දින 15යි - තැපැල් සේවකයන්ට ඇමතිගෙන් හෙට විසඳුම් (PHOTOS)
Homeප්‍රවෘත්ති

තැපැල් වර්ජනයට දින 15යි - තැපැල් සේවකයන්ට ඇමතිගෙන් හෙට විසඳුම් (PHOTOS)

PropellerAds

තැපැල් සේවකයින් ආරම්භ කළ වැඩවර්ජනය  අද 15 වන දිනටත් ක්‍රියාත්මකය. කෙසේවෙතත් හෙට දිනය වන විට තැපැල් සේවකයන්ගේ ගැටළුවලට විසඳුම් ලබා දීමට බලා...

රඹෑවේ ගොවි උද්ඝෝෂණය මැද්දට ප්‍රාඩෝ එකෙන් ‘මහින්ද’ බහී... ගොවියො කරපු දේ බලන්න (VIDEO)
බඩු මිල අඩු කරන්න දන්න අය ඉන්නවා නම් ඒ ක‍්‍රමය අපට කියා දෙන්න
දුමින්ද සිල්වාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහනම් නියෝගයක්!
තැපැල් වර්ජනයට දින 15යි - තැපැල් සේවකයන්ට ඇමතිගෙන් හෙට විසඳුම් (PHOTOS)

තැපැල් සේවකයින් ආරම්භ කළ වැඩවර්ජනය  අද 15 වන දිනටත් ක්‍රියාත්මකය. කෙසේවෙතත් හෙට දිනය වන විට තැපැල් සේවකයන්ගේ ගැටළුවලට විසඳුම් ලබා දීමට බලාපොරොත්තු වන බව තැපැල් අමාත්‍ය a.h.m.හලීම් මහතා පවසයි.

රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයට අදාළව නිකුත් කෙරුණු 6 2006 චක්‍ර ලේඛනය නිසා තමන්ට අහිමි වූ සේවය ස්ථිර කිරීම් හා උසස් වීම් නියමිත පරිදි ලබා දෙන ලෙස ඉල්ලමින් තැපැල් සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනයට අදට දින 15 ක් සපිරේ.

මෙම වර්ජනයට තැපැල් සේවකයින් විසි හය දහසකට අධික ප්‍රමාණයක් එකතු වී ඇත.

මේ අතර අම්බලංගොඩ, බලපිටිය, කරන්දෙණිය, වතුගෙදර, හික්කඩුව හා බද්දේගම යන ප්‍රදේශවල තැපැල් කාර්යාලවල සේවකයින් අද පෙරවරුවේ අම්බලන්ගොඩ ශාන්ති බෝධිය අසලට පැමිණ කන්නලව්වකද නිරත විය.අනතුරුව දේවාලයට ගොස් පොල් ගසා තම ඉල්ලීම් ඉටු කර දෙන ලෙසට කන්නලව්වක නිරත වූ බවද වාර්තා වේ.

තැපැල් වෘත්තීය සමිති සිදුකරන වැඩවර්ජනයට සහාය දැක්වීමට වරාය, අධ්‍යාපන, සෞඛ්‍ය, වතු, රාජ්‍ය කළමනාකරණ සේවාවල වෘත්තීය සමිති 25ක් එකඟ වූ බව තැපැල් ඒකාබද්ධ වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.

මේ අනුව අද (25) තැපැල් දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී වෘත්තීය සමිති 25ක් සහ තැපැල් වෘත්තීය සමිති එක්ව තැපැල් මූලස්ථානය ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් දියත් කළ බවද එම පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.

තැපැල් සේවකයන් ආරම්භ කළ වැඩවර්ජනයට අදට දින 15ක් ගත වී තිබෙන බවත්, සේවකයන් ඉල්ලා සිටින ඉල්ලීම්වලට ප්‍රතිචාර නොමැති නිසා තැපැල් සේවාවෙන් තොර වෙනත් රාජ්‍ය, පෞද්ගලික අංශවල වෘත්තීය සමිති එකතු කරගෙන වෘත්තීය ක්‍රියාමාර්ග සිදු කිරීමට සාකච්ඡා කළ බවත් ඔහු පවසා සිටියේය.

එම සාකච්ඡා සාර්ථක වී තිබෙන අතර, එම වෘත්තීය සමිතිද වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කරන බවට තම සංගමයට පොරොන්දු වූ බවත් ඒ මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් හෙට දිනයේ විසදුමක් ලබා දෙන බව තැපැල් අමාත්‍ය a.h.m.හලීම් මහතා පවසයි.

එහිදී ඒ මහතා මෙසේද අදහස් දැක්වීය.

“මම කණගාටු වෙනවා තැපැල් කඩා වැටීම් සම්බන්ධව. මම දන්නවා දැන් ගොඩක් දේවල් සිදු කරන දේවල් දැන් බොහොමයක් හිර වෙලා තියෙනවා. ඒ නිසා ජනතාවට මගේ කණගාටුව ප්‍රකාශ කරනවා. මම බලාපොරොත්තු වෙනවා අඟහරුවාදා වෙනකොට මේ සියලු ප්‍රශ්න අවසන් කරලා තැපෑල සුපුරුදු පරිදි ජනතාව වෙනුවෙන් සේවය කිරීමට බැඳී සිටිනවා. විශේෂ ක්‍රමවේදයක් අපි යොදවලා ඒ වැඩ පිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා.”

තැපැල් වර්ජනය තවදුරටත් - දිනකට පාඩුව කෝටි 15ක් (PHOTOS)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තැපැල් වර්ජනයට දින 15යි - තැපැල් සේවකයන්ට ඇමතිගෙන් හෙට විසඳුම් (PHOTOS)
තැපැල් වර්ජනයට දින 15යි - තැපැල් සේවකයන්ට ඇමතිගෙන් හෙට විසඳුම් (PHOTOS)
http://am.lk/media/k2/items/cache/eef9ffadc976adb446d568e91ed02d7e_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/15-photos.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/15-photos.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy