අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර ගැටුමක් ගටගෙන ඇති බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංෂික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහත...
අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර ගැටුමක් ගටගෙන ඇති බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංෂික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා පවසයි.
ඔවුන් ඊයේ (25) කොළඹදී පැවැත්වු මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“අලුත්ම ආරංචිය තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා තර්ජනය කරලා මම අස් වෙනවා, ඇමැති ධුරයෙනුත් අස් වෙනවා, යූ.එන්.පී එකේ නියෝජ්‍ය නායක ධුරයෙනුත් අස් වෙනවා. එතුමාගේ මොකක් හරි වෙන ඉලක්කයක් තියෙනවද දන්නේ නැහැ. නමුත් ඒකට නිමිත්තක් වෙලා තියෙන්නේ එතුමාගේ නිවාස හැදීමේ වැඩ පිළිවෙලයි, අමරවීර මහතාගේ කෘෂිකර්ම වැඩපිළිවෙලයි අතර ගැටුමක් ඇති වෙලා. මේ ඇමතිවරුන්ට එකිනෙකා සමඟ රණ්ඩු ඇල්ලීම හැර වෙනත් මාවතක් නැති බව පේන්න තියෙනවා.”
එම වීඩියෝව පහතින්,
COMMENTS