ඉන්දියාව සමග පසුගිය වසරේ අත්සන් කළ අවබෝධතා ගිවිසුමේ නැගෙනහිර පර්යන්තය හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යෑමට ඉන්දියාව ලබාදෙන බවට සඳහන් කර නො...
ඉන්දියාව සමග පසුගිය වසරේ අත්සන් කළ අවබෝධතා ගිවිසුමේ නැගෙනහිර පර්යන්තය හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යෑමට ඉන්දියාව ලබාදෙන බවට සඳහන් කර නොමැති බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසූවේ අද (25) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ය.
එහෙත් පර්යන්තයක් ලබාදෙන බවට සඳහන් කර තිබෙන බැවින් බටහිර පර්යන්තය සංවර්ධනය කර පවත්වාගෙන යෑමට ලබාදීම ප්‍රශ්නයක් නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
අනෙකුත් රටවලට සලකන ආකාරයටම ඉන්දියාවටත් සැලකිය යුතු බවත් ඉන්දියාව සමග ශ්‍රී ලංකාව ශක්තිමත් සම්බන්ධතාවක් තිබෙන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS