නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ පොලිස් දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරීවරයාගේත් අත්සන සහ නිල මුද්‍රා ව්‍යාජ ලෙස යොදාගෙන මූල්‍ය ආයතනවලට ව්‍යාජ වාර්තා ...
නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ පොලිස් දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරීවරයාගේත් අත්සන සහ නිල මුද්‍රා ව්‍යාජ ලෙස යොදාගෙන මූල්‍ය ආයතනවලට ව්‍යාජ වාර්තා ඉදිරිපත් කර රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථාන සංඛ්‍යාලේඛන කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්. ඩී. බී අත්තනායක මහතාගේ වැඩ තහනම් කර ඇති බව ජාතික පොලිස් කොමිෂන් සභාව කියයි.
ජාතික පොලිස් කොමිසමේ නිර්දේශ මත පොලිස්පතිවරයා විසින් ඊයේ ( 06) මෙම වැඩ තහනම කර ඇති ජාතික පොලිස් කොමිසමේ උසස් නිලධාරියෙක් පැවසීය.
මොහු සිදු කර ඇති මුල්‍ය වංචාව සම්බන්ධයෙන් අදාළ මුල්‍ය සමාගම මොහුට විරුද්ධව ජාතික පොලිස් කොමිසමට හා පොලිස්පති සහන මැදිරියට පැමිණිලි කර ඇති අතර එම පැමිණිල්ල මත පොලිස් විශේෂ විමර්ශන ඒකකය මොහුට විරුද්ධව මූලික විමර්ශන ආරම්භ කර තිබුණි.
පොලිස් කොමිසමද මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකර සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කරන ලෙසට පොලිස්පතිවරයා වෙත නිර්දේශ කර තිබූ අතර මාසයකට ආසන්න කාලයක් පොලිස්පතිවරයා එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීම හේතුවෙන් ජාතික පොලිස් කොමිසම පොලිස්පතිවරයාගෙන් කරුණු විමසීමක්ද කර තිබුණි.
COMMENTS