දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
භාරත ඝාතන නඩුවේ මරණ දඬුවමට එරෙහිව දුමින්දගේ අභියාචන තීන්දුව මෙන්න
Homeප්‍රවෘත්ති

භාරත ඝාතන නඩුවේ මරණ දඬුවමට එරෙහිව දුමින්දගේ අභියාචන තීන්දුව මෙන්න

PropellerAds

භාරත ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් 3 දෙනෙකුට කොළඹ මහාධිකරණය ලබාදුන්...

කොරෝනා සමාජයේ පැතිරීමේ මට්ටමේ… ආසාදිතයන් සිය දහස් ගණනක් එකවර මතුවීමේ අවදානමක්
කොරෝනා රෝගීන් අට ලක්‍ෂය ආසන්නයේ.. ඇමරිකාවෙන් දිනක් තුල 20,000 පන්නයි.. ස්පාඤ්ඤයෙන් දිනකදී මරණ 913යි
ගෙයින් ගෙට ගොස් වෛරසය පතුරුවන තබ්ලික් ජමාත් – ආරක්ෂක අංශ, රජය නොදන්නා තිත්ත ඇත්ත
භාරත ඝාතන නඩුවේ මරණ දඬුවමට එරෙහිව දුමින්දගේ අභියාචන තීන්දුව මෙන්න

භාරත ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් 3 දෙනෙකුට කොළඹ මහාධිකරණය ලබාදුන් මරණ දඬුවම, ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි. මරණ දඬුවම නියමව සිටි එක් විත්තිකරුවෙකු වන අනුර තුෂාර ද මෙල් නිදහස්.

2011 වසරේ ඔක්තෝබර් 08 වෙනිදා බස්නාහිර පළාත් සභා ඡන්දය පැවති දිනයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර  ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ චූදිතයින් වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු තවත්  12 දෙනෙකුට අධිචෝදනා පත්‍ර භාර දුන්නේ 2015 වසරේ අප්‍රේල් මස 01 වෙනිදාය. ඒ, අදාළ නඩුව කොළඹ මහාධිකරණයේදී අද කැඳවූ අවස්ථාවේදීය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු 13 දෙනෙකුට එරෙහි නඩුව විභාගය සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරනු ලැබුවේ, 2015 අගෝස්තු මස 04 වෙනිදාය. මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න එම විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා වූ අතර සෙසු විනිසුරුවරුන් ලෙස පද්මිණී රණවක ගුණතිලක සහ එම්.සී.බීඑස්. මොරායස් පත් කෙරිණි.

මෙම සිද්ධිය සම්බන්ධ නඩු විභාගය 2015 වසරේ අගෝස්තු 06 වෙනිදා කොළඹ මහාධිකරණයේදී ආරම්භ වූ අතර, විත්තිකරුවන් වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු 12 දෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිටියහ.

මොවුන්ට නගා තිබූ චෝදනා වූයේ, 2011 ඔක්තෝබර් මස 08 වෙනිදා අංගොඩ ප්‍රදේශයේදී නීති විරෝධී රැස්වීමකට සම්බන්ධ වී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීම, රාජු උරුගේ ගාමිණි නමැත්තා ඝාතනයට තැත් කිරීම, එදින ඡන්දය භාවිත කිරීමට පැමිණ සිටි පිරිස ගිනි අවි පෙන්වා සාපරාධී ලෙස බිය ගැන්වීම, නීති විරෝධී රැස්වීමකට සම්බන්ධවීම යනාදී කරුණුය.

අදාළ සියලු චෝදනාවලට තමන් නිවැරදිකරුවන් බව විත්තිකරුවන් අධිකරණය හමුවේ කියා සිටියහ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩිතබා මරාදැමීම පිළිබඳව වැරදිකරුවන් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනෙකුට මරණීය දණ්ඩණය නියම වූයේ, 2016 වසරේ සැප්තැම්බර් 08 වෙනිදාය.

එම තීන්දුවට ඒරෙහිව ඉදිරිපත් කල අභියාචනා පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය 2017 වසරේ නොවැම්බර් 27 වෙනිදා තීරණය කළ අතර, එම පෙත්සම් විභාගය 2018 වසරේ මාර්තු මස 29 දින පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේදී ආරම්භ විය.

භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ බවට වැරදිකරුවන් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනෙකුට පැනවූ මරණීය දණ්ඩන නියෝගය අහෝසි කර සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා දුමින්ද සිල්වා සහ තවත් සිව් දෙනෙකු ඉදිරිපත් කර තිබූ අභියාචනා පෙත්සම් පිළිබඳ තීන්දුව අද (11) ප්‍රකාශයට පත් කෙරිණි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: භාරත ඝාතන නඩුවේ මරණ දඬුවමට එරෙහිව දුමින්දගේ අභියාචන තීන්දුව මෙන්න
භාරත ඝාතන නඩුවේ මරණ දඬුවමට එරෙහිව දුමින්දගේ අභියාචන තීන්දුව මෙන්න
http://am.lk/media/k2/items/cache/c2dd144ddba53ec8f816f105b5bacb16_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_480.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_480.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy