ඊයේ (10) උදෑසන 10.00ට පමණ සිවිල් ඇඳුමෙන් සැරසුණු විශේෂ කාර්ය බලකායේ යැයි කියාගත් පිරිසක් තම නිවසට බලහත්කාරයෙන් ඇතුළුවූ බව ශ්‍රී ලංකා තොරතු...
ඊයේ (10) උදෑසන 10.00ට පමණ සිවිල් ඇඳුමෙන් සැරසුණු විශේෂ කාර්ය බලකායේ යැයි කියාගත් පිරිසක් තම නිවසට බලහත්කාරයෙන් ඇතුළුවූ බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති හා සිවිල් ක්‍රියාකාරි රජීව් යසිරු කුරුවිටගේ මහතාගේ කියයි.
මෙසේ වරෙන්තු රහිතව තම නිවස විශේෂ සෝදිසියකට ලක්වූයේ තම නිවස තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් ස්ථානයක් පවත්වාගෙන යන බවට ආරක්ෂක අමාත්‍යාංශයට ලැබුණු නිර්නාමික පෙත්සමක් ඇතැයි කියමින් යැයි යසිරු මහතා ශ්‍රී ලංකා මිරර් වෙත කියා සිටියේය.
අදාළ පැමිණිල්ල ලැබී ඇත්තේ නිවසේ ලිපිනය පමණක් සඳහන් කරමින් වන බවට කීවද, සිය කාමරය කෙරෙහි එම නිලධාරීන් විශේෂ අවධානයක් යොමු කළ බවත් ඔහු කීය.
එමෙන්ම වැටලීමට අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් තොරතුරු බුද්ධි තොරතුරු බැවින් එවා ලබා දීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවට එම නිලධාරීන් ප්‍රකාශ කළ බවද ඔහු කියා සිටියේය.
සෝදිසියේ දී කිසිවක් හමුව නැති අතර, මේ සිදුවීම සම්බන්ධයෙන් සිවිල් ක්‍රියාකාරීන්ගේ අප්‍රසාදය පල කිරීමට විශේෂ මාධ්‍ය හමුවක් මහජන අයිතීන් සුරැකීමේ පදනම අද පැවැත්වීමට සූදානම් කර තිබේ.
COMMENTS