ඒකාබද්ධ විපක්ෂය කිසිවිටෙක දෙකඩ නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. කොස්ගොඩ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පලකරමින් හිටපු ජනාධ...
ඒකාබද්ධ විපක්ෂය කිසිවිටෙක දෙකඩ නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
කොස්ගොඩ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පලකරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
අපවත් වී වදාල අමරපුර මූලවංශික මහා නිකායේ මහානායක අතිපූජ්‍ය කොස්ගොඩ සරණංකර තිස්ස නාහිමියන්ගේ ශ්‍රි දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ කොස්ගොඩ කේදාරකාරාම විහාරස්ථානය වෙත පැමිණ සිටියේය.
දැන් ඒකාබද්ධ විපක්ෂය ගැන විවේචන එල්ල කරනවා ආණ්ඩුවේ අය. ඒකාබද්ධ විපක්ෂය කැඩිගෙන යනවා කියලා? යනුවෙන් අසන විට මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ,එවැනි කිසිදු ප්‍රශ්නයක් නොමැති බවයි.
“ඔබතුමා අවවාද කරලා මොකක්හරි ?“ කලා ද යනුවෙන් මාධ්‍යවේදීන් අහන විට මහින්ද රාජපක්ෂ මහතා, අවවාද කරන්න දේකුත් නැහැ එයාට. එයා දැනගන්න ඕනේ එයා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් අපේ පක්ෂයේ ඉන්න.ඉතින් මම හිතන්නේ නැහැ එතුමා එහෙම කැඩිලා යන වචන කියලා නැහැ.“ යනුවෙන් පැවසීය.
COMMENTS