ඇමරිකානු රජය ඩොලරය ශක්තිමත් කොට ආර්ථිකය ශක්තිමත් කිරීම නිසා එහි ප්‍රතිඵලයක් වශයෙන් අද මුළු ලෝකයේම ඩොලරය භාවිතා කරනු ලබන රටවල් වර්තමාන ආර්ථ...
ඇමරිකානු රජය ඩොලරය ශක්තිමත් කොට ආර්ථිකය ශක්තිමත් කිරීම නිසා එහි ප්‍රතිඵලයක් වශයෙන් අද මුළු ලෝකයේම ඩොලරය භාවිතා කරනු ලබන රටවල් වර්තමාන ආර්ථික අර්බුදයට මුහුණ පා ඇතැයි කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා පැවසීය.
රුපියල් කෝටි 13 ක වියදමකින් මහල් තුනකට ඉඳි කිරීමට නියමිත හැටන් කම්කරු කාර්යාලය සඳහා මුල්ගල තැබීමේ උත්සවය කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එම උත්සවයෙන් අනතුරුව දිගින් දිගටම ශ්‍රී ලංකාවේ රුපියල අවප්‍රමාණය වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්ණවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා එසේ කීය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“ශ්‍රී ලංකාවේ රුපියලට පමණක් නොව අද මේ තත්ත්වය මුළු ලෝකයටම බලපා තිබෙනවා. ඇමරිකානු ජනාධිපතිවරයා ජනාධිපතිවරණයේදි පොරොන්දු දෙකක් දුන්නා. එකක් තමයි ඇමරිකාවේ ආර්ථිකය ශක්තිමත් කරනවා කියලා. ඊලඟ පොරොන්දුව තමයි ඇමරිකාවේ රැකියා නොමැති පිරිසක් සිටියදී ග්‍රීන්කාඩ් ලොතැරැයියෙන් විදේශ රටවල පුරවැසියන් පැමිණ රට තුළ සිදුකරනු ලබන රැකියා නැති කරනවා කිව්වා.ඒ දුන්න පොරොන්දු අනුව ඇමරිකාව දැන් ඩොලරය ශක්තිමත් කිරීම, ආර්ථිකය ශක්තිමත් කිරීම සිදු කරනවා.”
“එකේ ප්‍රතිපලයක් වශයෙන් අද මුළු ලෝකයේම ඩොලරය භාවිතා කරනු ලබන රටවල් මේ අර්බුදයට මුහුණ පා සිටිනවා. එහෙත් දකුණු ආසියාව ගත්තම අද මේ ප්‍රශ්ණයේදී ඉන්දියාව ඉන්නේ දරුණු තත්ත්වයක. ඔවුන්ගේ රුපියල අවප්‍රමාණය වීම සියයට 13 ක් වෙලා. අපි තාම ඉන්නේ සියයට හතේ. ඉතින් මේක අපිට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. දැන් මේ සම්බන්ධයෙන් රජය විසින් කමුටුවක් පත් කොට තිබෙනවා. අපි හිතන විදිහට මේ තත්ත්වය ජනවාරි මස පමණවනවිට හොඳ අතට හැරෙයි කියලා. තාවකාලිකව අපි යම් අපහසුතාවයකට පත්ව තිබෙන බව පිළිගන්නවා. මේ ගැටළුව නිරාකරණය උනොත් අපිට ජනතාවට සහණ දෙන්න පුළුවන්.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
(ක්‍රිෂාන්තන්)
COMMENTS