ඒ අනුව ශ්‍රි ජයවර්ධනපුර රෝහල ස්ථාපිත කිරීමේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත මෙන් පනතක් නෙවිල් ප්‍රනාන්දු රෝහල සදහා ද ඉදිරිපත් කිරිමට...
ඒ අනුව ශ්‍රි ජයවර්ධනපුර රෝහල ස්ථාපිත කිරීමේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත මෙන් පනතක් නෙවිල් ප්‍රනාන්දු රෝහල සදහා ද ඉදිරිපත් කිරිමට නියමිතය.
අමාත්‍ය මණ්ඩලය විසින් ගන්නා ලද තීරණයක් අනුව නෙවිල් ප්‍රනාන්දු රෝහලේ කළමණාකරණය හා මෙහෙයුම් කටයුතු 2017 වසරේ අගෝස්තු මස 01 දා සිට ක්‍රියාත්මක වන ආකාරයට රජය විසින් බාර ගන්නා ලදි. මෙම රෝහලේ කළමණාකරණ කිරීමේ කටයුතු සදහා නව අධ්‍යක්ෂ මණ්ඩලයක් ද පත් කර ඇත. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව පනත සකස් කරන තුරු රෝහලේ කළමණාකාරීත්වය බාරගැනීම සදහා ත්‍රෛයිපාර්ශ්වීය අභිප්‍රාය පළ කිරීමේ පත්‍රිකාවක් සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශය, දකුණු ආසියානු තාක්ෂණික හා වෛද්‍ය ආයතනය සහ ලංකා බැංකුව අතර අත්සන් තැබිණි.
ඉහත දේපල සම්බන්ධ ත්‍රෛපාර්ශ්වය විසින් දැනට අත්සන් කර ඇති එම අභිප්‍රාය පළ කිරීමේ පත්‍රීකාව ඉක්මවා යන විස්තරාත්මක ගිවිසුමක් නීතිපති විසින් දැනට කෙටුම්පත් කරමින් පවතී. නීතිපති විසින් කෙටුම්පත් කරමින් පවතින ගිවිසුම සකස් කර අවසන් වීමෙන් අනතුරුව අදාල විධිමත් ගිවිසුම අත්සන් කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටී. තව ද වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය කෙටුම්පත් කිරීම ද මේ වන විට අවසන් කරමින් පවතී. නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව එය සකස් කිරීමෙන් අනතුරුව ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටී.
COMMENTS