දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
උතුරු පළාතේ රජයේ රැකියා දෙන හැටි රෙජිනෝල්ඩ් කියයි
Homeප්‍රවෘත්ති

උතුරු පළාතේ රජයේ රැකියා දෙන හැටි රෙජිනෝල්ඩ් කියයි

PropellerAds

උතුරු පළාතේ සෑම රජයේ රැකියාවක්ම ලබා දෙන්නේ අදාල වෘත්තියට ගැලපෙන පරිදි තරග විභාගයක් පවත්වා ඉන් වැඩිම ලකුණු ලබා ගන්නා පිරිස යළි සම්මුඛ පරීක්...

ඇලෝසියස්‌ගේ සිරමැදිරිය අසල තිබූ සිම් කාඩ් එකෙන් 12 දෙනකුගේ සුලමුල හෙළිවෙයි! බන්ධනාගාර සේවකයෙකුත් හවුල්
“දුටුගැමුණු ගත්ත කඩුව මම ගන්නවා” - ආණ්ඩුවට මර්වින්ගෙන් රතු එළියක්
මියගිය පසුත් ආණ්ඩුවට මුදල් ගෙවන්න වෙයි! නැත්නම් මෘතදේහය ගෙනියන්න බෑ - ජ'පුර රෝහලෙන් වැඩ අල්ලයි
උතුරු පළාතේ රජයේ රැකියා දෙන හැටි රෙජිනෝල්ඩ් කියයි

උතුරු පළාතේ සෑම රජයේ රැකියාවක්ම ලබා දෙන්නේ අදාල වෘත්තියට ගැලපෙන පරිදි තරග විභාගයක් පවත්වා ඉන් වැඩිම ලකුණු ලබා ගන්නා පිරිස යළි සම්මුඛ පරීක්ෂණයකට කැදවීමෙන් පසුව බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසීය.

ආණ්ඩුකාරවරයා එසේ පැවසුවේ යාපනය පුස්තකාල ශ්‍රවණාගාරයේදී උතුරු පළාත් රාජ්‍ය ආයතන වල පුරප්පාඩුව පවතින, සංවර්ධන නිලධාරී, සමාජ සේවා නිලධාරී සහ රියදුරු යන තනතුරු සඳහා නව පත්වීම් ලැබූ 150කට ආසන්න පිරිසක් සඳහා ඔවුන්ගේ පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයේදීය.

අවාසනාවන්ත යුද්ධයෙන් පීඩා විඳි උතුරේ ජනතාව අද තමන්ගේ විරැකියාව නැති කර ගන්න පළාත් අමාත්‍යාංශ වල තිබෙන පුරප්පාඩු සඳහා පත්වීම් ලබන බවත් එම පත්වීම් ලබා දෙන්නේ සියලූම වෘත්තීන් වලට අදාලව තරඟ විභාග පැවැත්වීමෙන් අනතුරුව සම්මුඛ පරීක්‍ෂණ පවත්වා, ප‍්‍රායෝගික පරීක්‍ෂණද පැවැත්වීමෙන් අනතුරුව යැයි උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා මෙහිදී පැවසීය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“ඔබ හැම දෙනා අද ඉමහත් සතුටට පත් වෙනවා මෙම පත්වීම් ලැබීම නිසා. ඔබේ ජීවිතය ඉදිරියට ගෙන යන්න මෙම වෘත්තිය ඉමහත් පිටුවහලක්, අත්වැලක් වෙනවා. හොඳට ඉගෙන ගෙන තර`ග විභාග වලින් සමත් වූ නිසා ඔබ අද පත්වීම් ලබා ගන්නවා. ඔබ ලබා ගත්තා වූ පත්වීමට අනුව ඔබ සේවයට යන රාජ්‍ය ආයතන වල යහපත් රාජ්‍ය සේවයක් පවත්වා ගෙන යෑම ඔබගේ මූලික අරමුණ විය යුතුයි. ඔබ සමාජීය වශයෙන් රටට ජනතාවට සේවය කරන ජනතා සේවකයෙක් විය යුතුයි. පවත්වන ලද තරඟ විභාග වලින් ඉහලම ලකුණු ලබා ගත් පිරිසට තමයි අද මෙම පත්වීම් ලබා දුන්නේ. රටේ ජනතාවගේ බදු මුදල් වලින් වැටුප් ලබන ඔබ සේවය කිරීමේදී වංචාව, දුෂණය පිටු දැක සේවය කළ යුතුයි.”

“උතුරට සාමය, සමාදානය පැමිණ තිබෙනවා. ඒ සාමය සමාදානය නිසා තමයි තරඟ විභාග පවත්වලා සුදුසු අය මෙම තනතුරුවලට තෝරා පත්කර ගැනීමට හැකිවී තිබෙන්නේ. ඔබ වගේම මෙම පත්වීම් ලැබීමට ඉමහත් බලාපොරොත්තු තියාගෙන ඉන්න තවත් පිරිසක් උතුරේ සිටිනවා. ඒ අයටත් ඇතිවන පුරප්පාඩු අනුව, ලබා ගත් ඉහලම ලකුණු පිළිවෙලට අනුව පත්වීම් ලබා දීමට තීරණය කර තිබෙනවා. ඔබ කාර්යාල වල සේවය කරන විට යහපත් මනසකින්, පිරුණු හදවතකින් ජනතාවට සේවය කළ යුතු බවට මා යෝජනා කරනවා. ඔබ ළඟට එන කිසිවෙකුට සැර පරුෂ ලෙසෂ කථා කිරිමෙන් වලකින ලෙසද මා ඉල්ලා සිටිනවා.  උතුරේ ජනතාව දීර්ඝ කාලයක් යුද්ධය නිසා පීඩා විඳි පිරිසක්. ඒ අයට නැවත ඔබේ සේවයෙනුත් පීඩා විඳින්න ඉඩ තබන්න එපා. නිමාවුණු යුද්ධයෙන් කවුරුවත් දිනුවේ නැහැ. විනාශ වුණේ මේ රටේ දේපල, ඔබේ දේපල සහ විශාල මිනිස් ජීවිත ගණනක් පමණයි. ඒ නිසා නැවත උතුරේ ජනතාවට කාගෙන්වත් පීඩා විඳීමට ඉඩ නොතැබිය යුතුයි. මෙය මා ඔබ හැම දෙනාටම සිහිපත් කරමින් අවධාරණයෙන් යුතුව කියා සිටිනවා. යුද්ධයෙන් කඩා වැටුණු ඔබේ ප‍්‍රදේශය, ඔබේ ගම, දියුණු කරන්න, සංවර්ධනය කරන්න හොඳ සේවයක් මෙම රාජ්‍ය ආයතන වල ඉඳලා ඔබට අද ලැබූණු මෙම තනතුරු වලින් කළ හැකියි.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

(දිනසේන රතුගමගේ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උතුරු පළාතේ රජයේ රැකියා දෙන හැටි රෙජිනෝල්ඩ් කියයි
උතුරු පළාතේ රජයේ රැකියා දෙන හැටි රෙජිනෝල්ඩ් කියයි
http://am.lk/media/k2/items/cache/e99a3bb3a77820fa6b36947d303285c0_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_407.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_407.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy