දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලංකා බැංකුව සහ මහජන බැංකුව ජනපති යටතට පවරා ගැනීමේ සූදානමක්
Homeප්‍රවෘත්ති

ලංකා බැංකුව සහ මහජන බැංකුව ජනපති යටතට පවරා ගැනීමේ සූදානමක්

PropellerAds

ලංකා බැංකුව, මහජන බැංකුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යන ආයතනයන්හි අධ්‍යක්ෂ මණ්ඩලවලට සිය තනතුරුවලින් ඉවත්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ...

සංවේදී නවකතා ලියූ ජපන් ජාතිකයාට මෙවර නොබෙල් සාහිත්‍ය සම්මානය
සංවේදී නවකතා ලියූ ජපන් ජාතිකයාට මෙවර නොබෙල් සාහිත්‍ය සම්මානය
සංවේදී නවකතා ලියූ ජපන් ජාතිකයාට මෙවර නොබෙල් සාහිත්‍ය සම්මානය.
ලංකා බැංකුව සහ මහජන බැංකුව ජනපති යටතට පවරා ගැනීමේ සූදානමක්

ලංකා බැංකුව, මහජන බැංකුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යන ආයතනයන්හි අධ්‍යක්ෂ මණ්ඩලවලට සිය තනතුරුවලින් ඉවත්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කරන ලද නියෝගයට අනුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත්වී තිබේ.

නමුත් ලංකා බැංකුව සහ මහජන බැංකුව යන රාජ්‍ය බැංකු දෙකෙහි පමණක් අධ්‍යක්ෂ මණ්ඩල පමණක් එම නියෝගයට අනුව මේවන තෙක් කටයුතු කර නැතැයි රජයේ ආරංචි මාර්ග පැවසී ය.

විෂය භාර අමාත්‍යවරයාගේ නියෝගයකින් තොරව, රාජ්‍ය බැංකු දෙකෙහි අධ්‍යක්ෂ මණ්ඩල මෙසේ ඉවත් නොවී සිටින බවද වාර්තා වේ.

කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 45 වැනි ව්‍යවස්ථාවේ 2 වැනි ව්‍යවස්ථාවේ සඳහන් වන පරිදි “2 වැනි ව්‍යවස්ථාවේ (1) වන අනු ව්‍යවස්ථාව යටතේ කරන ලද යම් පත් කිරීමක් හෝ විෂය සහ කාර්ය පැවරීමක් ජනාධිපතිවරයා විසින් කවර අවස්ථාවකදී වුවද වෙනස් කරනු ලැබිය හැක්කේය“ යනුවෙන් සඳහන් වේ.

රාජ්‍ය බැංකු දෙකෙහි අධ්‍යක්ෂ මණ්ඩලය ජනාධිපතිවරයාගේ නියෝග පිළිපදින්නේ නැතිව තවදුරටත් තනතුරුවල රැඳි සිටියහොත් එම බැංකු දෙක ජනාධිපතිවරයා යටතට පත්වීමට බොහෝදුරට ඉඩ ඇති බව වාර්තා කර තිබේ.

මෙම රාජ්‍ය බැංකු දෙක අයත්වන රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කර ඇත්තේ ලංකා බැංකුව හා මහජන බැංකුව යන රාජ්‍ය බැංකු දෙකට වන අධ්‍යක්ෂ මණ්ඩලයක් එළැඹෙන සතිය තුළ තෝරා ගැනීම සඳහා ජනාධිපතිවරයා නිර්දේශ කරන නම් තමා වෙත දෙන තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවයි.

තවමත් එම බැංකුවල අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැර නොමැති බවත් ජනාධිපතිවරයා තමාගෙන් ලිඛිත ඉල්ලීමක් කරමින් තමන් සතු අමාත්‍ය බලතල පාවිච්චි කරමින් මෙම බැංකු දෙකෙහි අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රතිසංවිධානය කරන ලෙස ඉල්ලීමක් කළ බවත් ඇමැතිවරයා සඳහන් කර තිබේ.

මේ අතර පවත්නා නීති විධිවිධානයන්ට අනුව අධ්‍යක්ෂ මණ්ඩල ධූර කාලය අවසන් වී ඇති අදාළ රාජ්‍ය ආයතනයන්හි අධ්‍යක්ෂ මණ්ඩල නැවත ස්ථාපිත කිරීම සඳහා ජනාධිපතිවරයා රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වෙත උපදෙස් ලබා දී ඇතැයි එම අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙම බැංකු දෙකටම නව සභාපතිවරුන් පත් කිරීමට ජනාධිපතිවරයා අපේක්ෂා කරන බව රජයේ ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසී ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලංකා බැංකුව සහ මහජන බැංකුව ජනපති යටතට පවරා ගැනීමේ සූදානමක්
ලංකා බැංකුව සහ මහජන බැංකුව ජනපති යටතට පවරා ගැනීමේ සූදානමක්
http://am.lk/media/k2/items/cache/6e1dbb94856a13d15fe982c5dfd41ce3_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_397.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_397.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy