නොබෙල් ත්‍යාගය පිරිනමන ස්වීඩිෂ් නොබෙල් ඇකඩමිය විසින් මෙම තෝරාගැනීමට හේතුව වශයෙන් දක්වන්නේ ඔහු, “ප්‍රබල චිත්තවේගී බලයකින් යුත් නවකතා මගින්...
නොබෙල් ත්‍යාගය පිරිනමන ස්වීඩිෂ් නොබෙල් ඇකඩමිය විසින් මෙම තෝරාගැනීමට හේතුව වශයෙන් දක්වන්නේ ඔහු, “ප්‍රබල චිත්තවේගී බලයකින් යුත් නවකතා මගින් ලෝකය සමග යාවීමේදී අප භාවිතා කරන මායාවී සංවේදනයන්ගේ තෙරක් නොපෙනෙන නොසන්ඩාලකම් විදහා දැක්වූ ලේඛකයෙක්’ වශයෙනි.
සංවේදී මෙන්ම මනුෂ්‍යත්වයේ ගැඹුරු, අඳුරු මානයන් ස්පර්ශ කරමින් මානව සම්බන්ධතාවල ස්වරූපය විදහා දක්වන ලේඛකයෙක් වශයෙන් කසුවෝ ඉෂිගුරෝ මහත් පිළිගැනීමට ලක්වූවෙකි.
ඔහුගේ ජනප්‍රියම නවකතා අතර The Remains of the Day Never සහ Let Me Go වේ. මේ නවකතා ද්විත්වයම පසුව චිත්‍රපටවලට ද නැගුණේය.
මේ වන විට කසුවෝ ඉෂිගුරෝ විසින් පොත් 8 ක් ලියා පළ කර ඇති අතර ඒවා ලොව පුරා භාෂා 40කට පරිවර්තනය වී තිබේ.
1954 වසරේදී ජපානයේ නාගසාකි නුවර උපන් කසුවෝ එංගලන්තයට පැමිණියේ ඔහුගේ පියාට සරේ ප්‍රාන්තයේ සාගරවේදියෙක් වශයෙන් රැකියා අවස්ථාවක් ලැබුණු නිසා ය. පසුව කෙන්ට් සරසවියෙන් ඉංග්‍රීසි භාෂාව සහ දර්ශනවාදය හදාළ ඔහුල ඊස්ට් ඇන්ග්ලියා සරසවියෙන් ශාස්ත්‍රපති උපාධිය හැදෑරීම සඳහා තෝරාගත්තේ නිර්මාණාත්මක රචනය විෂයයි. ඒ සම්බන්ධයෙන් ඔහුගේ උපාධි නිබන්ධනය වූ A Pale View of Hills පසුව 1982 වසරේදී පොතක් බවට පත්වූ අතර විචාරකයන්ගේ නොමද අවධානය දිනාගත් එය ඔහු ලියු පළමු නවකතාවයි.
කෙන්ට් සරසවියේ සිටින කාලයේ ඔහු අමතර රැකියාවක් ආදායමක් සොයාගැනීමට සිදුකර තිබෙන්නේ බැල්මෝරල් හි සිටි බ්‍රිතාන්‍ය මව් රැජින වෙනුවෙන් ‘ගෘෘස් බීටර්“ කෙනෙක් ලෙස එනම්, ක්‍රීඩාව සඳහා පක්ෂීන් පළවාහරින්නෙක් වශයෙන් කටයුතු කිරීමයි.
පසුකලෙක, එනම් 1995 වසරේදී සාහිත්‍ය ලෝකයේ තරුවක් බවට පත්වීමෙන් අනතුරුව ඇය විසින්ම ඔහුට 1995 වසරේදී නයිට් පදවිය පිරිනමන ලදී.
1989 වසරේදී A Pale View of Hills කෘතිය සඳහා ඔහු බුකර් සම්මානයෙන් ද පිදුම් ලැබුවේය.
-අමාලි ජයවීර
COMMENTS