ඓතිහාසික සීගිරිය පිඳුරංගල රජමහා විහාරස්ථානයට අයත් පර්වත මුදුනේ සිට අඩ නිරුවත පෙන්වූ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකර...
ඓතිහාසික සීගිරිය පිඳුරංගල රජමහා විහාරස්ථානයට අයත් පර්වත මුදුනේ සිට අඩ නිරුවත පෙන්වූ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවන් තිදෙනා වරද පිළිගැනීමෙන් අනතුරුව නිදහස් කර තිබේ.
අද(10) දිනයේ දඹුල්ල මහේස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහතා විසින් මෙම නියෝගය ලබා දී ඇත.
වරද පිළිගැනීමෙන් අනතුරුව පළමු සැකකරුට තරයේ අවවාද කර ඇති අතර, දෙවන හා තුන්වන වරදකරුවන්ට ද තරයේ අවවාද කර රජයේ ගාස්තු වශයෙන් රුපියල් 1500ක මුදලක් ගෙවන ලෙස නියම කර තිබේ.
සැකකරුවන් විසින් වරද පිළිගැනීමත් සමඟ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නඩු විභාගය අවසන් කර සැකකරුවන් තිදෙනා නිදහස් කර ඇත.
COMMENTS