Hot!

මවුපියන්ට ආයාචනයක්‌... 'මේ පාසල් නිවාඩුව දරුවන්ට දෙන්න'

දැන් මේ අගෝස්‌තු පාසල් නිවාඩු කාලයයි. පොත පතට, විභාගවලට ධාරාණිපාතව යටවී සිටි දරුවාට මේ නිවාඩුව මහා මානසික ප්‍රතිකාරයක්‌ බවට පත්කරන්න. විභාගයෙන් ලද වෙහෙස - ආතතිය මේ නිවාඩුව හරහා නිවා ගන්නට ඉඩ හසර සකසා දෙන්න. කිසිදු වියදමකින් තොරව මේ 'සෞභාග්‍යය' දරුවාට ලබා දෙන්නට උත්සුක වෙන්න.

මම මෑතකදී මගේ මිතුරකුගෙන් හරි අපූරු කතාවක්‌ ඇසුවෙමි. ඔහුගේම වචන වලින් එය මෙසේය.

අකුරු ශාස්‌ත්‍රය - පාසල් අධ්‍යාපනය සහ පොත පත හරහා ඉගෙන ගන්නා එක පටන්ගන්න කලින්, අපි අපේ අවබෝධය පුළුල් කර ගන්නේ 'ධ්‍යයන' වලින්. ඒ කියන්නෙ අපි අපි වටා ඇති පරිසරය සහ සිදුවීම් තේරුම්ගන්නේ 'ධ්‍යයන' හරහා. 'යහපත්' කියන වචනේ ඉස්‌සරහට 'අ' යන්නක්‌ එකතු වුණාම ඒක 'අයහපත්' වුණා වගේ, 'ධ්‍යයන' හරහා අවබෝධය ලබමින් සිටි අපිට ඒ 'ධ්‍යයන' ඉස්‌සරහට 'අ' යන්නක්‌ ආවා. ඒකෙ ප්‍රතිඵලය තමයි 'අධ්‍යයන' මෙන්න මේ අධ්‍යයනය හරහා අපි අපේ පංෙච්න්ද්‍රියයන් අපි විසින්ම දියුණුකර ගනිමින් (ධ්‍යයන) පරිසරය වටහාගත් අපි, අපි අවට තියෙන වෙන කෙරෙන දෑ 'පොත පතින් ඉගෙන ගන්නට' පටන් ගත්තා, හුරුවුණා. ප්‍රතිඵලය තමයි අද අපි මේ අත්විඳින සමාජය. පරිසරය සහමුලින්ම පොත පතින් සහ තව කෙනෙක්‌ ඉදිරිපත් කරපු අදහස්‌ හරහාම පමණක්‌ ඉගෙන - දැන ගන්නට අපිව පොළඹවනු ලැබුවා. 

මිත්‍රයාගේ මේ කතාව අහගෙන හිටපු මට වඩාත් හොඳින් සහ තදින් දැනෙන්නට ගත්තා මම හැමවිටම කියන කතාවක්‌. ඒ තමයි, මේ අධ්‍යාපනයේ - මේ අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිඵලය 'කඩදාසි මිනිහෙක්‌' නිර්මාණය කිරීමය කියන එක.

අද අපි දරුවෙකු මව්කුස පිළිසිඳගත් බව දැනගත් මොහොතේ පටන්ම, ඒ දරුවා මෙලොව එළිය දකින තෙක්‌ සහ එම දරුවා මෙලොව එළිය දුටු මොහොතේ පටන්ම දරුවාව උගතෙක්‌ - බහුශ්‍රැතයෙක්‌ කරන්නට දරුවා අවට ගොඩගසන කඩදාසි දැනුම් සම්භාරය පැහැදිලිවම මේ පංෙච්න්ද්‍රීන් සහිත ජීවියාව, කඩදාසි ජීවියෙකු, බවට පත්කරලීම වෙනුවෙන් දැන හෝ නොදැන අපි මහන්සි වෙනවා. මේ මහන්සිය මවුපියන්, ගුරුවරුන්, අධ්‍යාපන විශේෂඥයින් සියල්ලෝම එකතු වී ගජරාමෙට සිදුකරමින් මහා කඩදාසි ගොන්නක්‌ විසින් සහතික කරන ලද නමුත් භාවිතයේදී, ජීවිතයේදී ඒ දැඩි වෙහෙසක්‌ දරා මනසට ඇතුළු කරගත් දේවලින් ප්‍රායෝගිකත්වයෙන් බොහෝ ඈතක සිටින 'මිනිස්‌ ජීවියෙකුව' නිෂ්පාදනය කරනවා. මේ මිනිස්‌ ජීවියා මරණය දක්‌වාම ඉතින් වෙළෙඳපොළේ ඇති තවත් භාණ්‌ඩයක්‌ වනවා ඇරෙන්නට ස්‌වකීය පංෙච්න්ද්‍රීන් ප්‍රයෝජනයට ගනිමින් ජීවත්වන්නෙක්‌ නොවී තවත් භාණ්‌ඩයක්‌ පමණක්‌ ම තත්ත්වයට මහපොළොව මත එහෙ මෙහෙ වෙනවා.

ඔහු සිතන්නට , සොයන්නට පෙළඹෙන්නේ ම නැති තත්ත්වයකට පත්වෙනවා. මක්‌නිසාද ඔහුට දෙපයින් ඉන්නට, වෙර දරන දා සිටම අනෙකාගේ සිතීමට අනුකූල වීම හැරෙන්නට වෙනත් කිසිවක්‌ සිතන්නට, සොයන්නට, කියන්නට ඉඩ හසර නොලැබෙන නිසාය.

නංගිටයි මටයි ගෙඩි දෙකක්‌ ඇති බවක්‌ දරුවාට හිතන්නට, දැනෙන්නට පෙර දරුවාගේ වැඩිහිටි මහ සමාජය එය දරුවාට කියාදෙන්නට කටයුතු කරනවා. මේ ගසේ බොහෝ පැණි දොඩම් ඇතී කියමින් අපි සශ්‍රීක බව අපි දරුවාට එන්නත් කරවනවා. ඉතින් මේ කුඩාකල ඇසෙන, අහන්නට සිදුවන මේ කවිය එන්නත් වන දරුවා පාසලේ පන්තියෙන් පන්තියට උස යද්දී දරුවා තාරුණ්‍යයට එබිකම් කරද්දී තවත් එන්නතක්‌ මේ මහ සමාජයේ අධ්‍යාපනය දරුවාගේ මනසට එන්නත් කරනවා. ඒ තමයි, ඇඩම් ස්‌මිත්ට අනුව 'සම්පත් සීමිත බව සහ අවශ්‍යතා අසීමිත බව.' 

ක්‍රමානුකූල සහ අවබෝධය රහිතව ළමයාගේ ජීවිතය හඳුනා නොගන්නා වැඩිහිටි මහ සමාජය අර මගේ මිතුරා පැවසූ පරිදි 'ධ්‍යයනය' වලින් තොර අධ්‍යයනයක්‌ හරහා තත්කාලීන හෝ පදනම් සහිත එන්නත් ලබා දීමෙන් තොරව කරන්නන් වාලේ දරුවාට එන්නත් කරමින් දරුවාව ස්‌වභාවික වාරණයෙන් එළියට ඇද දානවා. ඉතින් දරුවා අස්‌වාභාවික ගතිපැවතුම් සහිත ජීවියෙක්‌ බවට දවසින් දවස වැඩෙනවා. ඒ කෙසේද යත්, සම්පත් අපිට සෑහෙන තරම් ඇති බවත් (මේ ගසේ බොහෝ පැණි දොඩම් ඇතී) සහ අල්පේච්ඡ ජීවන රටාව (නංගිටයි මටයි ගෙඩි දෙකක්‌ ඇතී) එන්නත් කිරීමෙන් පසුව තවත් කාලයකදී අපිට සම්පත් සීමිත බවත්, අපේ අවශ්‍යතා අසීමිත බවත් කියමින් දරුවාගේ මනසට අතිශය පරස්‌පර එන්නතක්‌ ඇතුල් කරනවා. අද මේ මොහොතේත් රටේ තීන්දු තීරණ ගන්නා ඉහළ ම ස්‌ථරයේ සිට මේ දක්‌වා යන්නට පෙරුම් පුරන මේ රටේ පාසල් සරසවි ශිෂ්‍යයෝ පවා නිදිමරාගෙන - අධ්‍යයනයේ යෙදෙන්නේ පාඩම් කරන්නේ හා විශ්වාස කරන්නේ මේ රටේ (ලෝකයේ ) 'සම්පත් සීමිතය' යන සංකල්පයයි. රටක තීන්දු ගන්නේ ම, විෂය නිර්දේශ බිහිවන්නේ ම, විභාග ප්‍රශ්න පත්‍ර සැකසෙන්නේ ම පමණක්‌ නොව අපේ ඇට, මස්‌, ලේ, නහර පුරා ම පිරෙන්නේ අපට ඇත්තේ සීමිත සම්පත් ප්‍රමාණය සහ එසේම අසීමිත අවශ්‍යතා ප්‍රමාණයක්‌ බවයි. 

පෙරදිග ශිෂ්ටාචාරයේ රන් සළකුණක්‌ පෙන්නවන්නට නම් ඒ වෙනුවෙන් අපට ඇති ලොකුම සාධකයකි 'මේ ගසේ බොහෝ පැණි දොඩම් ඇතී' කියන ඒ ළමා කවිය. 

මා විසින් පවත්වනු ලබන දේශන හා වැඩමුළුවලදී බොහෝ සේ මේ ගැන ඉස්‌මතු කරන්නේ කරුණාකර අපි අපේ පරිසරයෙන්, ඉතිහාසයෙන්, අපේ මහපොළොවට දැනුණු පිළිගැනීම් තුළින් 'අපේ මනස අපිම දියුණු කර ගැනීම' යන උදෘත පාඨයයි. නමුත් ෙ€දවාචකය කොතරම් බරපතළ ද යන්න රටේ (ලෝකයේම) ඉගෙනගන්නා පරපුරේ ඉගෙනුම් ක්‍රමවේදයන් සහ ඉගෙනුමට බඳුන්වන 'පාඩම්' හරහා ම මා කියන උදෘතය කඩා විසිකර දැමීමයි.

මේ ලිපිය කියවන්නට අවස්‌ථාව ලැබෙන දෙමාපියනි, වැඩිහිටියනි, සත්තකින්ම ඔබ ඔබේ දරුවාට ආදරය කරන්නේ කුමන අපේක්‌ෂාවකින් ද?

දරුවා උස්‌ මහත් වී සිය ජීවිතය සතුටින් සහනයෙන් ගතකරනවා දකින අපේක්‌ෂාවෙන් ද? නැතිනම් දරුවා උස්‌මහත් වී ඔබේ හිතේ පැළපදියම් වූ සිහින ක්‍රියාවට නංවන, ඔබට අවශ්‍ය පරිදි එහාට, මෙහාට වනවා දකින අපේක්‌ෂාවෙන් ද?

ඔබ ඔබේ දරුවාට සහතිකවම ආදරේ නම්, මා ඔබට කියන්නේ එක දෙයක්‌ ම පමණයි. කරුණාකර දරුවා පරිසරයට මුදා හරින්න. දරුවා දිගේලි කරන්න. කඹයේ එක්‌ කොනක්‌ තමා අත තබාගෙන අනෙක්‌ කොන සමග දරුවා පරිසරයට මුදා හරින්න. අසත්පුරුෂ නොපනත්කම් සහිත අවස්‌ථාවාදී සමාජයෙන් ඔබේ දරුවා කරදරයක්‌ වීමට ඇති සැකයේ වාසිය ඔබ සතුව තබාගනිමින් දරුවා සමාජයට දිගේලි කරන්න. ඔබේ ඇසට , මනසට දකින දැනෙන සීමාවේ සිට දරුවා පරිසරයට මුදා හරින්න. ජීවිතය සහ භාවිතය දරුවා යහමින් අත්විඳිමින් ඉගෙන ගන්නේ එවිට ම පමණය. 

දැන් මේ අගෝස්‌තු පාසල් නිවාඩු කාලයයි. පොත පතට, විභාගවලට ධාරාණිපාතව යටවී සිටි දරුවාට මේ නිවාඩුව මහා මානසික ප්‍රතිකාරයක්‌ බවට පත්කරන්න. විභාගයෙන් ලද වෙහෙස - ආතතිය මේ නිවාඩුව හරහා නිවා ගන්නට ඉඩ හසර සකසා දෙන්න. කිසිදු වියදමකින් තොරව මේ 'සෞභාග්‍යය' දරුවාට ලබා දෙන්නට උත්සුක වෙන්න.

අගෝස්‌තු නිවාඩුව යනු කාලගුණිකව දේශගුණිකව මෙන්ම සංස්‌කෘතික අවබෝධයක්‌ හිතේ හැටියට රසවිඳීමට සහ අවබෝධ කර ගැනීමට දරුවා වෙත ලැබුණු සැලසුම්සහගත නිවාඩුවකි. ගොවිතැන , කුඹුර මූලික කරගත් අපේ 'කෘෂිකාර්මික ආර්ථිකය ඇතුළේ' මේ අගෝස්‌තු නිවාඩුව නිර්මාණය වන්නේ ම බොහෝ පාරිසරික නිදහසට මුල්තැන දෙමින් ය.

යල කන්නය අවසන් වෙද්දී මේ ලැබෙන නිවාඩුව හරහා කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්‌වා රටේ මූලික නිෂ්පාදන ක්‍රියාවලීන් ගොවිතැනට සම්බන්ධ කරවා ගැනීම හා ඒ වටා වූ දැනුම තාක්‌ෂණය සිරිත් විරිත් පංෙච්න්ද්‍රියන් හරහා උකහා ගැනීම සියයට සියයක්‌ම සිදු වේ.

අදටත් අපි, අපිව කෘෂිකාර්මික රටක්‌ කියා ගනිමින් මේ සේවා ආර්ථිකයේ සැරිසැරුවත් එදා ඒ කෘෂිකාර්මික ආර්ථීකයෙන් අපේ ඇට මස්‌ ලේ නහර වලට කාන්දු වුණු වටිනාකම් ගයමින් වයමින් කාලය ගෙවන්නේ ම එහි වූ මහා උස්‌ව වැඩුණු 'අපේකම' නිසාමය.

ඉතින් මේ අගෝස්‌තු නිවාඩුව ඔබ ඔබේ දරුවාගේ වටිනාකම් හා ඒ උස්‌ වූ අපේකම ඉහළට ඔසවා තැබීම වෙනුවෙන් ප්‍රයෝජනයට ගන්න යෑයි මම යෝජනා කරමි.

කරුණාකර දරුවාට මේ නිවාඩුව ජීවිත උගෙනීම වෙනුවෙන් වෙන් කරන්න. ජීවිතය සැබවින්ම ඇත්තේ කඩදාසි පිටු අතර හෝ තාක්‌ෂණික උපකරණ තුළ නොව මේ මහපොළව හා ඒ මත වූ පරිසරය තුළම බව පසක්‌ කරගැනීමට ඔබ ඔබේ දරුවාට ඉඩහසර ලබා දෙන්න.

එදා මෙන්ම අදටත් අපේ කෘෂිකාර්මිකයෝ අප්‍රේල් අවුරුදු සිරිත් විරිත් ක්‍රීඩා අවසන් කර යල කන්නයේ වර්ෂාවත් සමග කුඔqරට බැස එතැන් සිට කන්නය අවසානයේ වු අගෝස්‌තුව දක්‌වා වෙහෙස වී, බත බුලතින් සාර වී අවසාන කෙරෙන යල කන්නය සහ මහ කන්නය තෙක්‌ දිවෙන සංක්‍රාන්ති කාලය සැබවින්ම මහ පොළව මත සිට භුක්‌ති විඳිය යුත්තේ දරුවන් ම ය. ඒ ඊළඟ පරපුරට වත්මනේ සහ ඉතිහාසයේ වටිනාකම් ගෙන යාම වෙනුවෙන් ඒවා පංෙචින්ද්‍රියන්ට හසුකර ගැනීම උදෙසාය.

අද අඩු වැඩි වශයෙන් මව්පියන් පොරබදන්නේ මේ සේවා ආර්ථිකය තුළ වුවත් හැකි කොතෙකුත් හෝ තම පංෙචින්ද්‍රියන් කෘෂිකාර්මික භාවිතයන් වෙත ගෙන යාමෙන් ලැබීය හැකි සහනය - ප්‍රතිකාරය වෙන යම් ක්‍රියා ආර්ථික ක්‍රමවේදයකින් ලබාගත නොහැකි බව අදට වඩා අප අවබෝධකරගනු ඇත්තේ හෙට ය.

කරුණාකර කඩදාසි ව්‍යායාමය හරහා දරුවා උගතෙකු කිරීමට කරනා උත්සාහය හැකි නම් නොවෙයි, කෙසේ හෝ මේ අගෝස්‌තු නිවාඩුවේ හෝa ඔබ නතර කරන්න. දරුවාට දරුවා විලස හැසිරෙන්නට, මේ නිවාඩුව වෙන් කරන්න. මව්පියන් පමණක්‌ නොව ඥාතීන් , වැඩිහිටියන්, අසල්වැසියන්, හිතවතුන් තම නිවස අසල ගහකොළ මිනිසුන් ඇසුරු කිරීමට හා තේරුම් ගැනීමට මේ නිවාඩුව ඔවුන් වෙත ලබා දෙන්න. ඒ හරහා ඔබේ දරුවා අත්විඳින සංතෘප්ත වන මනෝභාවයන් ඔවුන් වැඩිහිටියන් බවට පත්වී දිනෙක ඔබගේ මනදොල සපුරන්නට, රටට ආදරය කරන්නට, ඒ දරුවන් පාවිචිච්යට ගන්නවා සහතිකව ම සිකුරුයි.

වැඩිහිටි අපි අපේ පාසල් කාලය සුළු මොහොතකට හෝ සිතෙහි මවා ගත හොත් , අපි එදා ඒ භුක්‌ති විඳි පාසල් ජීවිතය එළෙසින්ම අපේ දරුවන්ට නොමැත්තේ සහතික වශයෙන් ම එක්‌ හේතුවක්‌ නිසාම පමණකි. නො එසේව, ඔවුන් දරුවන් සේ අද භුක්‌ති විඳිනු බොහෝ පහසුකම් අප භුක්‌ති විඳි දෙයට වඩා සාපේක්‌ෂව ඉහළින් පවතින බව බොහෝ ඔබට දැනෙනු පෙනෙනු ඇති. මේ දරු පරපුරට අපේ පාසල් කාලයට සාපේක්‌ෂව නැත්තේ ම පරිසරය විඳීමේ අවස්‌ථාවයි. දරුවා දැන් දැනුම්වත්ව හෝ නොදැනුම්වත්ව කරන්නේ පරිසරය විඳීම නොව, පරිසරය විඳවීමයි.

නිවස - වාහනය - පාසල - පන්තිය - වාහනය - නිවස ආදී වශයෙන් වූ දෛනික චක්‍රයෙන් තොර පරිසර වින්දනයක්‌ අද දරුවා ලබනවා නම් එය ලබන්නේ මේ සමාජයේ බොහෝ දෙනා බොහෝ සේ කනගාටුව ප්‍රකාශ කරන විදුලිය - ජලය - මංමාවත් ආදී දේ තරමට නොමැති දුෂ්කර ප්‍රදේශවල ඉන්නා දුගී මව්පියන්ගේ දරුවන් ය.

නමුත් මා හැම විටම කියන්නේ කෙදිනක හෝ ජීවිතය ජය ගන්නා අයගෙන් අති බහුතරය මේ දුෂ්කර ජීවිත දුෂ්කර අත්දැකීම් සහිත නොදියුණු යෑයි අප ලේබල් අලවන ජීවිත ගෙවන්නා වූ දරුවන් ම ය. වැඩිහිටි අපි හාරාඅවුස්‌සා වටහාගත යුතු වටිනාම දෙය ඇත්තේ මෙතැනයි. දුෂ්කර පළාත්වල දුෂ්කර ජීවිත අත්විඳින දරුවන් යනු බොහෝ සේ තමා වටා ඇති පරිසරය අත්විඳින්නන්ය. ඔවුන් පරිසරයෙන් ඉගෙන ගන්නා අයයි. පරිසරය තුළ විද්‍යාවක්‌ ප්‍රායෝගිකව අත්විඳින අයයි. කෙටියෙන් ම කියතොත් ඔවුන් පරිසරය පිළිබඳව 'ධ්‍යයන' වඩනා අයයි. ඒ කුඩා මනස අත්පත් කරගන්නා අවබෝධය කඩදාසි කොල පිරුණු පොත් සහිත පුස්‌තකාලයකට වත් පරාජය කළ නොහැකි මහා අවබෝධයකි. යහපත් හා දක්‌ෂ මිනිසුන් වැඩිපුරම බිහි කරනු ලබන්නේ දැනුම හරහා නොව අවබෝධය හරහා ය. තමා සහ අවට පරිසරය පිළිබඳ අවබෝධයෙන් තොරව කුමන පොත පත කියවීමෙන් ඉහළ දැනුමක්‌ ලැබුව ද ඔහු හෝ ඇය අනාගතයට දායාද කරන්නේ තවත් දැනුම් සම්භාරයක්‌ ම පමණි. අවබෝධතාව නම් නොවේ.

මේ සමාජයේ බොහෝ දෙනා අනෙකාව නුරුස්‌සන්නේ ඇයි?. අනෙකාට ඇහුම්කන් නොදෙන්නේ ඇයි? අනෙකාව විශ්වාස කිරීමට නොපෙළඹෙන්නේ ඇයි? ඒ ............. මේ හිත් පිරී ඇත්තේ දැනුමෙන්ම මිස අවබෝධයෙන් නම් නොවන නිසාය.

ආදරණීය මවුපිය වැඩිහිටියනි, ඔබේ දරුවාගේ වටිනා ළමා කාලය සහමුලින්ම පාසලට - පන්තියට -ගුරුවරුන්ට - විෂය නිර්දේශවලට නොපවරන්න. අඩුම තරමේ ඒ දරුවන්ගේ මේ පාසල් නිවාඩුවවත් ඔබ අතට ගන්න , රැගෙන ඒ දරුවා වෙත දෙන්න.

යහපත්- ක්‍රියාකාරි වටිනාකම් සහිත සාඩම්බර දරුවෙකු උස්‌මහත් කිරීම වෙනුවෙන් මේ අගෝස්‌තු නිවාඩුව ඔබ ඔබේ දරුවා වෙනුවෙන්ම දරුවාගේ සහනය - විනෝදය වෙනුවෙන් ම යොදවන්න.

උදයා දේවමුල්ල 
මනෝ විද්‍යා උපදේශක

0 comments:

Post a Comment