දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන ප්‍රතිසංස්කරණවා - අගමැති

  අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන දිවියට වසර 40 ක් සපිරීම නිමිත්තෙන් ඊයේ (13) ශ්‍රී දළදා මාලිගාවේදී පැවැති ආගමික වැඩසටහනකට සහභාගි ‍වීමෙන් අනත...

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන ප්‍රතිසංස්කරණවා - අගමැති

 

අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන දිවියට වසර 40 ක් සපිරීම නිමිත්තෙන් ඊයේ (13) ශ්‍රී දළදා මාලිගාවේදී පැවැති ආගමික වැඩසටහනකට සහභාගි ‍වීමෙන් අනතුරුව ඒ මහතා මේ බව කීය.
හිටපු ජනපති ආර්.ප්‍රේමදාස මහතා විසින් ඉදිකරන ලද රන් වියන මේ වන විට ප්‍රතිසංස්කරණය කළ යුතු තත්ත්වයේ පවතින බවත් එය කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට තමන් අපේක්ෂා කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරය එල්ල වීමෙන් පසු හානිවූ රන් වියන 2001 වසරේදී ප්‍රතිසංස්කරණය කළේද රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරය හොබවමින් සිටියදී ය.

ලුම්බිණියේ හා කපිලවස්තු පුරයේ නේපාල රජය සිදුකරනු ලබන පුරා විද්‍යාත්මක කැනීම් සඳහා ශ්‍රී ලංකා රජය ඩොලර් මිලියනක් ලබා දෙන බවද අගමැතිවරයා කීය.
දළදා සමිඳුන් වැඳපුදා ආශීර්වාද ලබා ගැනීමෙන් පසු ශ්‍රී දළදා මාලිගාව අභියස රැස්ව සිටි ජනතාව හමුවට ගිය අගමැතිවරයා ඔවුන් සමඟ සුහඳව කතාබස් කරමින් මහනුවර නගරය තුළ යෝධ සංවර්ධනයක් ඉදිරියේදී සිදුකරන බවට පොරොන්දුවක් ලබා දුන්නේය.
පසුගිය රජය සමයේ වංචා දූෂණ සිදුකළ පිරිස් සඳහා නීතිය ක්‍රියාත්මක වීම ප්‍රමාද ඇයිද යන්න මෙම ජනතාව අගමැතිවරයා ගෙන් විමසූ අවස්ථාවේ ඒ මහතා පැවසුවේ ඒ කිසිවකුටත් නීතියෙන් ගැලවීයා නොහැකි බවයි.
මේවන විටත් වංචා සිද්ධීන් 80 කට අදාළ නීතිමය කටයුතු අවසන් වෙමින් තිබෙන බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය.
මහනුවර කොළඹ අධිවේගි මාර්ගයේ වැඩකටයුතු ද කඩිනමින් අවසන් කරන බව මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා ජනතාව හමුවේ පැවසුවේය.

නදීක දයා බණ්ඩාර - මහනුවර

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28612,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන ප්‍රතිසංස්කරණවා - අගමැති
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන ප්‍රතිසංස්කරණවා - අගමැති
http://ift.tt/2vA1t5r
https://i.ytimg.com/vi/x_5zkkv--vw/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_596.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_596.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy