Advertisements

PropellerAds

Breaking News

අවුරුදු දෙකහමාරක් ගතවෙලත් ආණ්ඩුවට බැරිවුනා වංචා දූෂණ සොයන විශේෂ අධිකරණයක් පිහිටුවන්න - විජිත හේරත්

අවුරුදු දෙකහමාරක් ගතවෙලත් ආණ්ඩුවට බැරිවුනා වංචා දූෂණ සොයන විශේෂ අධිකරණයක් පිහිටුවන්න - විජිත හේරත්


මන්ත්‍රී වරයා මේ බව කියා සිටියේ ජනතාවිමුක්ති පෙරමුනෙ සමාජවාදී තරුණ සංගමය විසින් වව්නියා මහමයිලන්කුලම් ග්‍රාමයේ සංවිධානය කරන ලද වොලිබෝල් තරඝාවලියේ ආරම්භක අවස්ථාවට සහභාගී වෙමින් මාධ්‍යට අදහස් දක්වමිනි.
එහිදී විජිත හේරත් මන්ත්‍රී වරයා වැඩි දුරටත් කියා සිටියේ,
‘අපේ ස්ථාවරය අනුව හොරා ඇතුලෙ හිටියත් පිට හිටියත් හොරා හොරාමයි හොරාට දඩුවම් දිය යුතුයි නීතිපති දෙපාර්තමේන්තුවේ විමර්ශන කටයුතු ප්‍රමාදනම් ඒවා කඩිනම් කරන්න ආණ්ඩුව ක්‍රියාත්මක විය යුතුයි ආණ්ඩුව පොරොන්දු වුනා මේ පසුගිය කාලයේ සිදු වූ සියලු වංචා දූෂණ වලට එරෙහිව ක්‍රියාත්මක වෙන්න විශේෂ අධිකරණයක් පිහිටුවනවා කියලා ඒක මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියනවා දැන් අවුරුදු දෙකහමාරක් වුනා ආණ්ඩුවට තාම බැරිවුනා විශේෂ අධිකරණයක් පිහිටුවගන්න විශේෂ අධිකරණයක් පිහිටුවීමට ටිකක් කල් යනවනම් ඒකට ව්‍යවස්ථා සංසෝධනයක් අවශ්‍යයි ඉතින් ඒක ටිකක් සංකීරණ නම් අඩුම ගානේ වෙනම අධිකරණයක් පිහිටුවගන්න පුලුවන් ඒ සඳහා වෙනු වුනු වෙනම අධකරණයක් පිහිටුවගන්න පුලුවන් ඒකට ව්‍යවස්ථා සංසෝධනයක් අවශ්‍ය නැහැ ඒක උසාවියක් තෝරගෙන ඒ සඳහා වෙන් වෙච්ච විනිස්ච කාර්ය මණ්ඩලයක් තෝරනෙ මේ නඩු විභාග කඩිනම් කරන්න පුලුවන් නැත්තම් වෙන්නේ මේවා මාස 06 අවුරුද්ද කල් යනවා.
‘දැන් මහබැංකු බැඳුම්කර ප්‍රශ්නෙ ගත්තත් මේ ජනාධිපති කොමිෂමෙන් වාර්ථාවක් ඉදිරිපත් කරනවා ඒ වාර්ථාව නීතිපති දෙපාර්තමේන්තුවට භාර දෙනවා නීතිපති දෙපාර්තමේන්තුවෙන් ආපහු නඩු දානවා ඉතින් මේ ටික ඉවරවෙන කොට මේ ආණ්ඩුවේ ආයු කාලයත් ඉවරයි ඒ නිසයි මේ ආණ්ඩු කාලෙත් මහබැංකු බැදුම්කරේ චූදිතයින්ට දඩුවම් ලැබෙයි කියල විශාවශයක් නැත්තේ ඒව කඩිනම් කරන්න නම් වෙනම අධිකරණයක් වහාම පිහිටුවිය යුතුයි.
ඒ කාර්යත් අධිකරණ ඇමති වරයාගෙ කරපිටින් තියල හරි යන්නෙ නැහැ කැබිනට් මණ්ඩලයට ජනාධිපති වරයාට පුලුවන් වහාම තීන්දුවක් අරගෙන අධිකරණ සේවා කොමිෂම හරහා ශක්තිමත් කරන්න ඒක නොකර දැන් එක ඇමති වරයෙකුට විතරක් චෝදනා කරල වැඩක් නැහැ. ආණඩුවට ඕනම තීරණයක් ගන්න පුලුවන් ..යනුවෙනි.

- වන්නි රොමේෂ් මධුෂංඛ -

 

No comments