දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
Homeප්‍රවෘත්ති

"බලය ලබා ගැනීමට පන්සල පාවිච්චි කරනවා නම් ඒක වැරදියි " - තලතා

PropellerAds

බලය ලබා ගැනීමට පන්සල පාවිච්චි කරනවා නම් ඒක වැරදි බවත් තමන්ට ඉන්න නායකයෝ දෙන්නා ධර්මය තුළින් ජීවිතය හැඩ ගසා ගත්තා මිසක් , ආගම පාවිච්චි කරලා ...

'නව ව්‍යවස්ථාව ප්‍රෝඩාවක්' - ජීඑල් (VIDEO)
වතුකරයේ මව්වරුන් මත්පැන්වලට ඇබ්බැහි වෙලා
චානුක රත්වත්තේ ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

බලය ලබා ගැනීමට පන්සල පාවිච්චි කරනවා නම් ඒක වැරදි බවත් තමන්ට ඉන්න නායකයෝ දෙන්නා ධර්මය තුළින් ජීවිතය හැඩ ගසා ගත්තා මිසක් , ආගම පාවිච්චි කරලා දේශපාලනය කරලා මල්වට්ටි උස්ස ගෙන පන්සලට ඇවිල්ලා දේශපාලනය කථා කරන අය නොවන බවත් අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කළේ ගම්පෙරළිය සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ බලංගොඩ ,රාස්සගල, බුලත්ගම රතනපාල පිරිවෙන් ප්‍රාකාරයට මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරිය මෙසේ ද සදහන් කළාය.

"මම හිතනවා මට ඉන්න නායකයෝ දෙන්නා ධර්මය තුළින් ජීවිතය හැඩ ගසා ගත්තා මිසක් ආගම පාවිච්චි කරලා දේශපාලනය කරලා මල්වට්ටි උස්ස ගෙන ගිහිල්ලා මල්වට්ටි උස්සන් පන්සලක් ගානේ යන අය නෙවෙයි .පන්සලට ඇවිල්ලා දේශපාලනය කථා කරන අය නෙවෙයි ,මට ඉන්න නායකයෝ.අපි ඒක ගැන බොහොම ගෞරවයෙන් කථා කරනවා අපිට ඒක ගැන ලොකු ආඩම්බරයක් තියෙනවා.තමන්ට බලය ලබා ගැනීමට පන්සල පාවිච්චි කරනවා නම් ඒක වැරදියි.විශේෂයෙන්ම මේ වගේ ආවේ නැත්නම් මම 2015 2016 වර්ෂවල අපි ඇමතිවරු හැටියට ඉන්න කොට අපි ගියේ නැහැ කිසි දෙයක් බලන්න.එතකොට කියන්න පටන් ගත්තා ආණ්ඩුව වැඩ කරන්නේ නැහැ කියලා.ඒ නිසා මම විහාරස්ථානවලට අනිවාර්යයෙන්ම යනවා .මොක ද කියන්නේ අපි වැඩ කරන්නේ නැහැ ශාසනය ආරක්ෂා කරන්නේ නැහැ.අපේ බෞද්ධකම නැහැ කියලා ඔය ඔක්කොටම වැඩිය මට කියන්න පුළුවන් මට ඉන්න නායකයෝ දෙන්නා හොද බෞද්ධයෝ සහ ශාසනයේ පැවැත්ම වෙනුවෙන් මේ ගම්වල අහිංසක පන්සල්වලට අවශ්‍ය කරන කටයුතු කරපු නායකයෝ දෙන්නෙක්. ඉතිං ඒ වැඩ කටයුතු අපි ඉදිරියට කර ගෙන යනවා."

"2015 ජනවාරි 08 මේ රජය බලයට පත් වුණායින් පස්සේ මේ රටේ දුෂ්කර ප්‍රදේශවල තිබෙන වෙහෙර විහාරස්ථාන ගොඩ නගන්න වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළා.ඒ සම්බන්ධයෙන් බෝඩ් අනවශ්‍ය ප්‍රචාර නොමැති නිසා ගොඩාක් අය දන්නේ නැහැ.ගම්වල තියෙන දුෂ්කර විහාරස්ථාන පිළිබදව අවධානය යොමු කළේ ගරු ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ නායකත්වය යටතේයි.ඒ සදහා 2016 වසර තුළ විහාරස්ථාන 1200 කුත් 2017 වසරේ විහාරස්ථාන 1000 කුත් සදහා ආධාර ලබා දුන්නා.උපකාර කළා.ඒ සදහා සියලු මුදල් යෙදෙව්වේ මධ්‍යම සංස්කෘතික අරමුදලින්.එම අරමුදලේ මුදල් මීට ඉස්සෙල්ලා සමහර අයගේ පුද්ගලික බූදල් බවට පත් වෙලා තිබුණා.ඒකේ තියෙන ශතයක්වත් මේ රටේ මුදල් නෙමෙයි.අපේ රටට පැමිණෙන විදේශිකයින් අපේ පුරා විද්‍යා ස්ථාන වන සීගිරිය දඹුල්ල අනුරාධපුර පොලොන්නරුව වගේ විහාරස්ථාන නරඹලා ගෙවන ඩොලර් තමයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් බවට පත් වුණේ.ඒවා අපි විහාරස්ථාන ගොඩනගන්න යෙදෙවුවා.මේක හැබැයි පන්සල දේශපාලනයට යොමු කරන වැඩ පිළිවෙළකට යොමු වුණේ නැහැ."යි ද අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කළාය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "බලය ලබා ගැනීමට පන්සල පාවිච්චි කරනවා නම් ඒක වැරදියි " - තලතා
"බලය ලබා ගැනීමට පන්සල පාවිච්චි කරනවා නම් ඒක වැරදියි " - තලතා
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_118.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_118.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy