තේ වතු ආශ්‍රිතව ළමා සංවර්ධනය කෙරෙහි මද්‍යසාර භාවිතය නිසා වන බලපෑම අවම කිරීම සම්බන්ධයෙන් සිදුකරන ලද සමීක්ෂණයකින් වතුකරය ආශ්‍රිතව සිටින මව්ව...
තේ වතු ආශ්‍රිතව ළමා සංවර්ධනය කෙරෙහි මද්‍යසාර භාවිතය නිසා වන බලපෑම අවම කිරීම සම්බන්ධයෙන් සිදුකරන ලද සමීක්ෂණයකින් වතුකරය ආශ්‍රිතව සිටින මව්වරුන්ගේ මත්පැන් භාවිතාව 85% දක්වා ඉහළ ගොස් ඇති බව වැවිලි මානව සංවර්ධන භාරයේ හැටන් කලාපයේ ප්‍රාදේශීය අධ්‍යක්ෂක අතුල සේනාරත්න මහතා පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (28) හැටන්, දික්ඔය පිහිටි එම කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදීය.
හැටන් ප්‍රදේශයේ තෝරාගත් වතුවල ජීවත්වන මව්වරුන් 236 දෙනෙකු ආශ්‍රිතව සිදුකරනු ලැබූ මෙම සමීක්ෂණයට අනුව 85%ක ප්‍රතිෂතයක් මත්පැන් භාවිතයට පුරුදු වී ඇති බවට තහවුරු වූ බව එම ආයතනයේ ව්‍යාපෘති නිළධාරී අනුරුද්ධ හේරත් මහතා ප්‍රකාශ කළේය.
මෙම තත්ත්වය හේතුවෙන් වතුකරයේ ළමුන්ගේ පෝෂණ, අධ්‍යාපන හා සමාජ තත්ත්වය සහ ආර්ථික තත්ත්වය ද බිඳවැටී ඇති බව ඒ මහතා පැවසීය.
මෙම මාධ්‍ය හමුවට එක්වූ කොටගල ගුරු විද්‍යාලයේ විදුහල්පතිනී චන්ද්‍රසේකා කිංස්ලි මහත්මියි අවධාරණය කළේ වතුකරයේ මත්පැන් භාවිතය ඉහළ යාමට වතුකරය නියෝජනය කරන දේශපාලනඥයින් ඍජුවම වගකිවයුතු බවයි.
මැතිවරණ සමයේදී ඡන්දය ලබාගැනීමට වතුකම්කරුවන් මත්පැන් පානයට හුරුකරන බවත් ඇතැම් වතුවල කාන්තාවන් ද මත්පැන් භාවිතයට හුරුවී ඇති නිසා ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපන හා මානසික තත්ත්වය ඉතා දුර්වල තත්ත්වයට පත්ව ඇති බවත් ඇය කියාසිටියාය.
හැටන් - රංජිත් රාජපක්ෂ
COMMENTS