දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අශෝබන ලෙස බීමතින් හැසිරුණු තරුණයන් පස් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මෙසේ අත්අඩංගුවට ගෙන...
දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අශෝබන ලෙස බීමතින් හැසිරුණු තරුණයන් පස් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිස් පොලිසිය කියයි.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති පළමු එක්දින දිවා රාත්‍රී තරඟය නැරඹීම සඳහා විශාල ප්‍රේක්ෂකයන් පිරිසක් නොමැති නිසා ප්‍රේක්ෂකයෝ තැන තැන ඇවිද විනෝද වන අයුරු දැක ගැනීමට හැකියාව ලැබුනි. කෙසේ වෙතත් වැසි සහිත තත්ත්වය නිසා තරග නැවැත්වීමත් සමග බොහෝ ප්‍රේක්ෂකයෝ ක්‍රීඩාංගනය ඇතුළත තැන තැන මත්පැන් පානය කරන්නට වූ දසුන් රැසක් දැක ගැනීමට ද හැකියාව ලැබුනි. ඒ අතර රාත්‍රී කාලය වනවිට ඉන් කිහිප දෙනෙකු නොසන්සුන්කාරී ලෙස හැසිරෙන බව පොලිසිය කියයි.
එසේ නොසන්සුන්කාරී ලෙස හැසිරුණු පුද්ගලයන් කිහිපදෙනෙකු දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිරිපිට දී පොලිසිය සැකපිට අත්අඩංගුවට ගත් අතර ඇතැම් ක්‍රීඩාලෝලීන් තම උඩුකය නිරුවතින් සිටියදී පොලිසිය ඔවුන්ව අල්ලා ගෙන පොලිස් ජීප් රථයට නංවා ගෙන පොලීසියට රැගෙන ඒම සිදු කළ අවස්ථාවේදී ද බීමතින් සිටි තරුණයන් පොලිසියට කෑකෝ ගසමින් සිටි ආකාරයද දැක ගැනීමට හැකියාව ලැබිණි.
එම තරුණයන්ගේ චෝදනාව එල්ල වූයේ පොලිස් නිලධාරීන් වෙතය. ඔවුන් කියා සිටියේ තමන් වරදක් නොකළ බවත් පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තමන්ගේ උඩු ඇඳුම ගලවාගත් බවය. තමන්ගේ උඩු ඇදුම ඉල්ලා එම ක්‍රීඩාලෝලීන් කෑකෝ ගසන ආකාරය ද දැක ගැනීමට හැකියාව ලැබිණි. පසුව පොලිස් නිලධාරියෙකු බව හැඟෙන සිවිල් ඇඳුමෙන් සිටි පුද්ගලයෙකු ජීප් රථයේ සිටි ක්‍රීඩාලෝලීන්ට ඔහුගේ ඇදුම ගෙන දෙන ආකාරය දර්ශනය විය.
පේරාදෙණිය පොලිසියට අයත් ජීප් රථයකින් මෙම පුද්ගලයන් දඹුල්ල පොලිසියට රැගෙන යන ආකාරය ද දිස්විණි. දඹුල්ල පොලීසියේ ප්‍රකාශකයෙකු කියා සිටියේ සැකපිට අසෝබන ලෙස බීමතින් හැසිරුණු පුද්ගලයන් 11 දින දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ය.
(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
COMMENTS