ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධාන කළ "ජනබලය කොළඹට" විරෝධතාවයට එක්වු පිරිසකට ලබා දුන් කිරිපැකට් පානය කිරීමෙන් පසු රෝගාතුර විමේ සිද්ධ...
ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධාන කළ "ජනබලය කොළඹට" විරෝධතාවයට එක්වු පිරිසකට ලබා දුන් කිරිපැකට් පානය කිරීමෙන් පසු රෝගාතුර විමේ සිද්ධිය පිටුපස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා පවසයි.
ඒ අද පාර්ලිමේන්තුවේදීය.
මිට අමතරව කිරිපැකට් පානය කිරීමෙන් පසු රෝගාතුර විමේ සිද්ධිය පිටුපස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් මහාත සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ පවසයි.
අද(07) කොළඹ පැවති මාධ්‍යහමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
ජනබලය කොළඹට රැළියට සහභාගී වු පිරිසිකට හඳුනානොගත් පිරිසක් විසින් වස දැමු කිරි පැකට්ටු ලබා දී ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.
රැළියට සහභාගී වු බඩගින් සිටි ජනතාවට එවැනි දෙයක් කිරීම දැඩි පිළිකුලෙන් හෙළාදකින බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
එම වීඩියෝව පහතින්,
COMMENTS