එ ක්සත් ජාතික පක්‍ෂයෙන් කුමන අපේක්‍ෂකයා ඉදිරිපත් වුවද ඔහුට එම පක්‍ෂයේ එක් පළුවක සහයෝගය නොලැබීම ස්ථිර යයි ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමෙ...
එක්සත් ජාතික පක්‍ෂයෙන් කුමන අපේක්‍ෂකයා ඉදිරිපත් වුවද ඔහුට එම පක්‍ෂයේ එක් පළුවක සහයෝගය නොලැබීම ස්ථිර යයි ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි. සජිත් පැමිණියහොත් රනිල් පිලද රනිල් පැමිණියහොත් සජිත් පිලද නිසැක වශයෙන්ම සහායෝගය නොදෙන බවත් මන්ත‍්‍රීවරයා කියයි.
එනිසා එක්සත් ජාතික පක්‍ෂයට අද ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සිදුව ඇත්තේ කණ්ඩායම් එක් කරගත් පක්‍ෂයක් ලෙස නොව කැඩී විසිරී ගිය පක්‍ෂයක් ලෙස බවද ඔහු කියා සිටියේය.
උත්සවයකින් පසු මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

COMMENTS