දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දුම්රියේ හැපී අලි තිදෙනෙක් මරුට (PHOTOS)
Homeප්‍රවෘත්ති

දුම්රියේ හැපී අලි තිදෙනෙක් මරුට (PHOTOS)

PropellerAds

හබරණ පලුගස්වැව පුවක්පිටිය ප්‍රදේශයේ දී ඉන්ධන රැගෙන යන බවුසරයක වන අලින් තිදෙනකු අද (18) අලුයම ගැටීමෙන් අලින් තිදෙනාම මියගොස් දුම්රියද මාර්ග...

කෘමීන් සහිත බාස්මතී සහල් පකිස්තානයෙන් ආනයනය කරයි.. කන්ටේනර් 40ක් හමුවේ!
යුගදනවි ගිවිසුම ගැන සාකච්චා කරන්න හවුල්කාර පක්‍ෂවලට ජනපති වෙලාවක් නොදෙයි
ඊයේ පමණක් කෝටි 2000ක් අච්චු ගහලා.. මුදල් නෝට්ටු නොවටිනා කඩදාසි බවට පත්වෙමින්!
දුම්රියේ හැපී අලි තිදෙනෙක් මරුට (PHOTOS)

හබරණ පලුගස්වැව පුවක්පිටිය ප්‍රදේශයේ දී ඉන්ධන රැගෙන යන බවුසරයක වන අලින් තිදෙනකු අද (18) අලුයම ගැටීමෙන් අලින් තිදෙනාම මියගොස් දුම්රියද මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ඇතැයි හබරණ පොලිසිය කියයි.

මෙසේ පෙරළී ගොස් ඇත්තේ කොළඹ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ 593 අංක  දරන දුම්රිය බව දුම්රිය දෙපාර්තමේන්තුව සේවකයෙකු පැවසීය.

අද අළුයම 5 ට පමණ එකවරම දුම්රිය මාර්ගය හරහා ගමන් කරමින් සිටි මෙම වන අලින් තිදෙනා දුම්රියට බිලි වෙනවාත් සමඟ එක් ඇතින්නියක ගැබ්බරව සිට ඇතැයිද පොලීසිය කියයි. සිදුවූ අනතුරෙන්  කුසේ සිටි අලි පැටවෙකු  එලියට  විසිවී මිය ගොස් ඇති   බව පොලිසිය කියයි .අනිත් අලින් දෙදෙනාටද බරපතළ ලෙස තුවාල සිදුවි එම ස්ථානයේම මිය ගොස් ඇති බව හබරණ පොලිසිය කියයි.

දුම්රිය පෙරලී යාමත් සමඟ අළුයම් කාලයේ ටැංකිවල තිබූ ඉන්ධන  පිටතට කාන්දු වීමත් සමඟ අවට ප්‍රදේශවාසීහු පැයක පමණ කාලයක් එම ස්ථානයෙන් හැලෙන ඉන්ධන භාජන වලට රැගෙන යන යෑමට ක්‍රියාත්මක වූ බව පොලිසිය කියයි. පසුව පොලිසිය මැදිහත්ව ජනතාව ඉවත් කොට එම ස්ථානයේ ආරක්ෂාව සඳහා දඹුල්ල සහ පොලොන්නරුව ගිනි නිවන අංශවල සහයෝගය ලබා ගත් බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටියි.පසුව දැඩි පොලිස් ආරක්ෂාවක් යෙදවූ බව ද කිවේය .

මේ අතරදී මියගොස් සිටි අලියකුගේ වලිගයේ කෙදි කොටස කිසියම් අයකු විසින් කපාගෙන ගොස් ඇති බව ජනතාව කියති.

හබරණ සහ පලුගස්වැව අතර ප්‍රධාන     දුම්රිය මාර්ගයේ නිරන්තරයෙන්ම වනඅලින් අනතුරු සිදුවන බවත්  දුම්රිය සේවකයන් මේ පිළිබඳව දැනුවත්ව සිටින බව දුම්රිය නිලධාරීහු පවසති. කෙසේවෙතත් මෙම අනතුරු අවම කරගැනීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ රියදුරන්ව දැනුවත් කොට ඇතැයි දුම්රිය අධිකාරියේ නිළධාරියෙකු සඳහන් කළේය.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29359,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දුම්රියේ හැපී අලි තිදෙනෙක් මරුට (PHOTOS)
දුම්රියේ හැපී අලි තිදෙනෙක් මරුට (PHOTOS)
http://am.lk/media/k2/items/cache/2d647224b1a1e89dd40639b28c6b963e_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/photos_85.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/photos_85.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy