දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මුලතිව්හි පුරා විද්‍යා ස්ථාන එළිපෙහෙළි කිරීමේදී බාධා එල්ල කළ අයට වැඩ වරදින ලකුණු (PHOTOS)
Homeප්‍රවෘත්ති

මුලතිව්හි පුරා විද්‍යා ස්ථාන එළිපෙහෙළි කිරීමේදී බාධා එල්ල කළ අයට වැඩ වරදින ලකුණු (PHOTOS)

PropellerAds

මුලතිව් දිස්ත්‍රික්කයේ කුරුඳුමලෙයි ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථානයක් එළිපෙහෙළි කිරීමේදී ඊට බාධා එල්ල කළ තරුණයින්ගෙන් හදුණාගත් තරුණයෙකු ඊයේ (0...

ශ්‍රීලනිප: සමරසිංහත් දොට්ට - වීරකුමාර, තිලංග, ලසන්ත හා රංජිත්ට තනතුරු !
ජනාධිපතිවරණය අප්‍රේල් දක්වා කල් යා හැකි බවට ආණ්ඩුවේ ප්‍රබලයෙක් අනාවරණය කරයි
වැඩිම එකඟතාවයක් ඇති අපේක්ෂකයා සමග එකඟතාවයකට එන බව රතන හිමි කියයි
මුලතිව්හි පුරා විද්‍යා ස්ථාන එළිපෙහෙළි කිරීමේදී බාධා එල්ල කළ අයට වැඩ වරදින ලකුණු (PHOTOS)

මුලතිව් දිස්ත්‍රික්කයේ කුරුඳුමලෙයි ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථානයක් එළිපෙහෙළි කිරීමේදී ඊට බාධා එල්ල කළ තරුණයින්ගෙන් හදුණාගත් තරුණයෙකු ඊයේ (06) මුලතිව් පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

අත් අඩංගුවට ගත් තරුණයා දෙමළ ජාතික සන්ධානයේ මුලතිව් පළාතේ එස්.කලෙයිචෙල්වම් නැමති ප්‍රාදේශීය නායකයාය.

ඔහුව  එදිනම රාත්‍රී පොලිස් ඇප මත නිදහස් කොට ඇති අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වීසින් මුලතිව් අධිකරණයේ පැවරීමටයන නඩුවේ පලමුවෙනි විත්තිකරුද මොහු වෙයි.

පසුගිය 4 වෙනිදා මේ භූමිය සුද්ධ පවිත්‍ර කිරීමට ගිය පිරිසක් හා එම පළාතේ බුදු මැදුරක් ඉදි කිරීමට ගිය පිරිසකට දෙමළ ජාතික සන්ධානයේ මුලතිව්  පළාත නියෝජනය කරණ පළාත් සභා මන්ත්‍රී ටී.රවිහරන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් විරෝධය දක්වා තිබුණි.

නමුත් මේ කාර්යය සදහා පුරා විද්‍යා දෙපාර්තමේන්තුව නිසි අවසරයක් ලබාගෙන ඒ බව එළිපෙහෙළි කිරීමට යන දිනයට කළින් පොලීසිය වෙත ලිඛිතවම දැණුම්දීමක්ද කොට තිබුණි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසුවේ කුරුඳුමලෙයි ප්‍රදේශයේ වනාන්තරය මැද පිහිටි පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ගැසට් කර ඇති ස්ථානයේ භුමිය වෙන්කර, ආරක්ෂාව සඳහා මුර කුටියක් ස්ථාපනය කිරීමට වන සංරක්ෂණ නිලධාරීන් සමග ගිය අවස්ථාවේ ප්‍රදේශවාසීන්ගෙන් විරෝධතාවක් එල්ලවූ බවය.

"මෙම කටයුත්ත දැකබලා ගැනීමට ස්වාමින්වහන්සේලා දෙනමක් ද වැඩම කළා, ජනයා එයින් කලබල වුණා. අපේ අරමුණ පැහැදිළි කළත් ඔවුන් පිළිගත්තේ නැහැ," යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන මන්ත්‍රී ටි රවිහරන් පැවසුවේ මුලතිව් ප්‍රදේශයේ සංවර්ධනය මුවාවෙන් රජය සිංහල ජනාවාස හා බෞද්ධ විහාරස්ථාන ඉදිකිරීමේ වැඩසටහනක් දියත් කරමින් පවතින අතර, අදාළ වැඩසටහනට අනුව මුලතිව් කුරුඳුමලෙයි ප්‍රදේශයේ නව බෞද්ධ විහාරස්ථානයක් ඉදිකිරීමට භික්ෂූන් වහන්සේ පිරිසක් පැමිණ ඇති බව පැවසීය.

දමිළ ජනතාවගේ භූමියවූ මුලතිව් ප්‍රදේශයේ සිංහල ජනාවාස ඉදිකිරීමට තමන් දැඩි ලෙස විරුද්ධ බවත්, අදාළ ක්‍රියාවලිය හේතුවෙන් මුලතිව් ජනතාව දැඩි ලෙස කෝපයට පත්ව සිටින බවත් රවිහරන් මන්ත්‍රීවරයා පැවසීය.

රජය වහාම මැදිහත් වි මුලතිව් දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කරන සිංහල ජනාවාස බිහි කිරීම වහාම නවතා දැමිය යුතු බවත් එසේ නොවුවහොත්, ජනතාව පෙළ ගැසෙනු ඇති බවත් මන්ත්‍රීවරයා සදහන් කළේය.

කෙසේවෙතත්, මේ ඇතිවූ තත්ත්වය ගැන පැහැදිලි කළ පුරාවිද්‍යා නිලධාරියා පෙන්වා දුන්නේ අදාළ පුරාවිද්‍යා ස්ථානය පිළිබඳ තොරතුරු 18 වෙනි සියවසේ සිට වාර්තාගතවී ඇති බවකි.

"එය පුරාවිද්‍යාත්මක වශයෙන් ඉතා වැදගත් ස්ථානයක්." වන මෙය 2013 වසරේ පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.

ක්‍රි.ව. 100 - 103 ත් අතර සමයේ මෙම විහාරය ගොඩනැගු බවත්, පළමු අග්බෝ සහ පළමුවන විජයබාහු රාජ සමයේ විහාරය වැඩි දියුණු කළ බව මහාවංශය දැක්වෙන බව ද ඔහු සඳහන් කළේය.

කුරුඳුමලෙයි ප්‍රදේශ‍යේ පැරණි බෞද්ධ නටඹුන් සහිත ස්ථානයක් කේන්ද්‍ර කර ගනිමින් කැළෑවෙන් වැසී තිබෙන අදාළ පුරාවිද්‍යා ස්ථානය එළි කිරීමට ‍ආ පුරාවිද්‍ය නිලධාරීන් පිරිසක් සමග භික්ෂූන් වහන්සේ දෙනමක් ද පැමිණීමත් ප්‍රදේශවාසීන් නොසන්සුන්ව ඇති බව මුලතිව් හි ආරක්ෂක අංශ ද පැවසූහ.

මහවැලි එල් කලාපය: "සිංහල ජනයාට දෙනවා, දෙමළ ජනයාට නැහැ"

එසේ පැවති විරෝධතාවට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන උතුරු පළාත් සභා මන්ත්‍රී ටි රවිහරන් හා උතුරු පළාත් සභා කෘෂිකර්ම හා ධීවර අමාත්‍ය කන්දයියා ශිවනේෂන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

සිද්ධිය සම්බන්ධයෙන් ඔඩ්ඩුසුඩාන් පොලිසියෙන් කළ විමසීමකදී ඔවුන් ප්‍රකාශ කළේ, අදාළ ස්ථානයේ නව විහාරස්ථානයක් ඉදිකිරීමට සුදානම් වන බවට සැක සිතා ප්‍රදේශවාසීන් විරෝධතාවක යෙදුණු බවය.

(දිනසේන රතුගමගේ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මුලතිව්හි පුරා විද්‍යා ස්ථාන එළිපෙහෙළි කිරීමේදී බාධා එල්ල කළ අයට වැඩ වරදින ලකුණු (PHOTOS)
මුලතිව්හි පුරා විද්‍යා ස්ථාන එළිපෙහෙළි කිරීමේදී බාධා එල්ල කළ අයට වැඩ වරදින ලකුණු (PHOTOS)
http://am.lk/media/k2/items/cache/c954c2c5e0b20f276d1b92c2ac4f6bea_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/photos_7.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/photos_7.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy