කොළඹ වරාය ආශ්‍රිතව සිදු කෙරෙන බරපතළ හොර බඩු ජාවාරමක නියුතු සැමියා පිළිබඳව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ සන්නිවේදන අ...
කොළඹ වරාය ආශ්‍රිතව සිදු කෙරෙන බරපතළ හොර බඩු ජාවාරමක නියුතු සැමියා පිළිබඳව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ සන්නිවේදන අංශයේ සේවිකාවක් ශ්‍රී ලංකා රේගුවේ දත්ත සැකසුම් අංශයේ නිලධාරීන් පිරිසක් ඊයේ (28) ගුවන් තොටුපොළ රේගු පරිශ්‍රය වෙත ඇයව රැගෙන ගොස් තිබේ.
මෙසේ ඇය රැගෙන යෑමට පෙර ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති සමන් පී.එදිරිවීර සහ කටුනායක ගුවන් තොටුපොළ කළමනාකරු හෙට්ටිආරච්චි යන මහත්වරුන් දැනුවත් කර ගුවන් තොටුපොළ කළමනාකාරවරයා සමඟ ගොස් ඇය රැගෙන ගිය බවත් ඇයගේ ආරක්ෂාව සඳහා ඇයගේ සහෝදරයා ද රේගු පරිශ්‍රය වෙත කැඳවා ගෙන ඒමට අවස්ථාව ලබා දුන් බවත් රේගුවේ උසස් නිලධාරියෙකු පැවසීය.
එහෙත් මේ පිළිබඳව විරෝධය දැක්වීම සඳහා කටුනායක ගුවන් තොටුපොළේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ පිරිසක් තම සේවා ස්ථාන වලින් බැහැර වී වැඩ වර්ජනයක් කිරීමට රාත්‍රී 9.00 ට පමණ උත්සාහ දරා තිබේ.
පසුව රාත්‍රී 10.30 ට පමණ වනවිට මෙම සේවිකාව පිටත් කර යවන බවට රේගුව ප්‍රකාශ කිරීමත් සමඟ කටුනායක ගුවන් තොටුපොළ සේවා කටයුතු සාමාන්‍ය තත්වයට පත් විය.
COMMENTS