දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රවීගේ ‘සින්නයියා’ ලංකා බැංකුවේ අධ්‍යක්ෂවරයෙක්
Homeප්‍රවෘත්ති

රවීගේ ‘සින්නයියා’ ලංකා බැංකුවේ අධ්‍යක්ෂවරයෙක්

PropellerAds

බැදුම්කර වංචාව සම්බන්ධව සොයාබල ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි දුන් ග්ලෝබල් ගෘප් හි( GLOBAL LOGISTIC) මූල්‍ය අධ්‍යක්ෂක බ්‍රයන් සින්නයියා 201...

ජනපති පකිස්ථාන් යන්න කලින් ආණ්ඩුවේ ලොකු පුටු දෙකක් වෙනස් කරයි
එජාප නායකත්වය සජිත්ට දෙන එජාපයේ වෙනසට තිස්ස අත්තනායක අත ගසයි?
"මේ අගමැතිට වඩා සිරිකොතේ ධනපාල අගමැතිකමට සුදුසුයි" - මෛත්‍රී

බැදුම්කර වංචාව සම්බන්ධව සොයාබල ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි දුන් ග්ලෝබල් ගෘප් හි( GLOBAL LOGISTIC) මූල්‍ය අධ්‍යක්ෂක බ්‍රයන් සින්නයියා 2015 ජනවාරි මාසයේදී යහපාලන ආණ්ඩුව විසින් ජාතියේ මහා පහන් ටැබ යයි පවසන ලංකා බැංකුවේ නව අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කොට තිබු බැව් ලංකා බැංකුවේ වාර්ෂික වාර්තා මගින් අනාවරණයවේ.

එම අවස්ථාවේදිම ඔහු දිගටම ඉහත සමාගමේ ද මූල්‍ය අධ්‍යක්ෂක ලෙස රාජකාරි කර ඇති බැව් කොමිසම ඉදිරියේදී සාක්ෂි දීමේදී හෙලිවිය.

විගනණ කමිටුවේ සාමාජිකයෙක් !

මොහු ලංකා බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික ලෙස රාජකාරි කරන කාලයේදී ලංකා බැංකුවේ ඉහළම විනිවිඳභාවයකින් යුක්ත කමිටුව වන විගනණ කමිටුවේ සාමාජිකයකු මෙන්ම අවදානම් කමිටුවේ හා වැටුප් හා මානව සම්පත් කමිටුවේ ද සාමජිකයකු ලෙස රාජකාරි කොට ඇත.

මීට අමතරව ලංකා බැංකුව සතු මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රි ලංකා අධ්‍යක්ෂවරයෙකු ලෙස රාජකාරි කොට ඇති බැව් ලංකා බැංකුවේ වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.

එංගලන්තයේ ලක්ෂිමිකාන්තන් :

මෙවැනි වගකීම් රාශියක් යහපාලන ආණ්ඩුවේ ප්‍රධානතම මූල්‍ය ආයතනයක දැරු බ්‍රයන් සින්නයියා, ග්ලෝබල් ගෘප් හි සභාපති ධුරය දරන්නේ එහි කොටස් සීයයට 30% හිමිව තිබු එංගලන්තයේ පදිංචිව සිටින ලක්ෂිමිකාන්තන් නැමැත්තෙක් විසින් බවත්, ඔහු වරින් වර මලුවල දමා ගෙනත් දුන් රුපියල් මිලියන 145 ක් ගැනත් කොමිසම ඉදිරිපිට සාක්ෂි දෙමින් පැවසිය.

එම GLOBAL LOGISTIC සමාගමේ ඉතිරි සීයයට 70% ක් කරුණානායක පවුලට අයත් බව ඔහු පිලිගත් අතර මෙම නිවස මිලදී ගැනිමට සේලාන් බැංකුව හරහා රුපියල් මිලියන 150 ක නයක් ද දැනට කරුණානායක පවුල පදිංචිව සිටින කොළඹ සුඛෝපභෝගි නිවාස සඳහා ගත් බවක් ද සාක්ෂිවල හෙලිදරව් කොට ඇත.

කිසිම බැංකුවකින් ලබාගැනිමට නොහැකියි :

සාමාන්‍ය රජයේ සේවකයකු හෝ දුප්පත් මිනිහෙක් නිවාස ණයක් ඉල්ලුම් කල විට එය ලබාදීමට වසරක් පමණ කාලය ගතවන අතර කිසිදිනක නිවසේ වටිනාකමින් සීයයට 90% කිසිම බැංකුවකින් ලබාගැනිමට නොහැකිය.

එහෙත් මෙම සුඛෝපභෝගි නිවස මිලියන 165 කට අනි විජේසූරිය මෙනෙවියගෙන් ගත් බවත් ඒ සඳහා බැදුම්කර වංචාවට සම්බන්ධ අර්ජුන් ඇලෝසියස් විසින් මූලික ගෙවීම වු රුපියල් මිලියන 11 ක් පමණ මෙලා කරුණානායක මහත්මිය ඉදිරිපිට දීමට ඇයට දීමට එකඟ වු බවත් මීට පෙර කොමිසම ඉදිරියේදී සාක්ෂි දෙමින් එම නිවසේ හිමිකාරිය පැවසීය.

එමෙන්ම ඇය පැවසුවේ පසුව එම නිවස තමන්ට රුපියල් මිලියන 165 ක් ලබාදි කරුණානයක පවුලට අයත් සමාගමක් පසුව මිලදී ගත් බවයි. සේලාන් බැංකුවේ කොටස් ලංකා බැංකුව සතුවද පවති.

(ලංකා සි නිවුස්)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29329,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රවීගේ ‘සින්නයියා’ ලංකා බැංකුවේ අධ්‍යක්ෂවරයෙක්
රවීගේ ‘සින්නයියා’ ලංකා බැංකුවේ අධ්‍යක්ෂවරයෙක්
http://ift.tt/2viqKUG
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_311.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_311.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy